News Line| Off Air
Generic placeholder image

Jan
9

තවත් කොරෝනා මරණ 4කුත්

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 229 දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා වෛරසය වැළඳී මිය ගිය සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු මීට සුළු මොහොතකට පෙර වාර්තා වීමත් සමගයි. එලෙස මිය ගියේ ගල්කිස්ස, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය හා ඕපනායක යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Jan
9

දෛනික ආසාදිතයින් ගණන 535 දක්වා ඉහළට – දිනය තුළ 521 දෙනෙකු සුව අතට

Generic placeholder image

අද දිනය තුළ කොරෝනා වෛසරය ආසාදනය වූවන් 535 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්නේ 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 517 දෙනා වාර්තා වුණේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. බන්ධනාගාර ආසාදිතයින් 18 දෙනා ද ඇතුළුව ආසාදිතයින් 297 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. තවත් ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා […]


Jan
9

අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් අවට මුහුදෙන් හමුවෙයි

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද පස්වරුවේ අදාළ යානය ගුවන්ගත වී තිබුණේ, ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහායි. ඒ වනවිට එහි ගුවන් මගීන් 56 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය […]


Jan
9

ජකර්තා ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ යානයක් අතුරුදන්

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ යානය ජකර්තා අගනුවරින් ගුවන් ගත වී මිනිත්තු 5කට පසුව ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටී ඇති බවයි. ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් […]


Jan
9

කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් කියූ දේ

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා මේ වනවිට හික්කඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා. ජයසේකර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තමන් ස්වෙච්ඡාවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු වූ බවයි. […]


Jan
9

ගිරිඋල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

ගිරිඋල්ල සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයේ පන්නල – මුම්මාන හා වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් සහ පූජාපිටියේ කොස්කොටේ ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.


Jan
9

පාස්කු ප්‍රහාරයට අනුබල දීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඇමරිකාවෙන් නඩු

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ භාරයේ පසුවන පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ, පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා මත එම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් එලෙස නඩු පවරා ඇති බවයි. ඒ අනුව අදාළ අධිකරණයේ නඩු පවරා ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් […]


Jan
9

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් අරියි – පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසු වන්නැයි උපදෙස්

Generic placeholder image

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල, උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතකර තිබෙනවා. ඒ අනුව තෙල්දෙණියාය, උල්හිටිය, රොටලවල ඇතුළු පහත්බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.


Jan
9

ට්‍රම්ප්ට ට්විටර් භාවිතය ස්ථිරවම තහනම් වෙයි

Generic placeholder image

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අතිහිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා. එම සමාගම පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලයේ ඔහුග‍ේ ට්විටර් ගිණුමේ පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි. ට්‍රම්ප්ගේ ආරධාරකරුවන් වොෂිංටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට කඩා වැදී ඊට හානි කිරීමේ සිද්ධියත් සමග මින් පෙර පැය 12ක කාලයක් […]


Jan
9

දඩ ගෙවීමට නොහැකිව සිටි රැඳවියන්ට ජනපතිගෙන් විශේෂ සමාවක්

Generic placeholder image

දඩ මුදල් ගෙවීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සියලු රැඳවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාව යටතේ මුදා හැරීමට අද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම රැඳවියන්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.


Jan
9

පොළොන්නරුවේදී බස් රථයක් ඇළකට පෙරළී පිරිකට තුවාල

Generic placeholder image

පොළොන්නරුව – පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට පොළොන්නරුව මහරෝහල සහ පුලස්තිපුර යන රෝහල්වල ප්‍රතිකාර […]


Jan
8

තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මිය ගිය තවත් තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 225 දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


News Articles
Latest Videos
Most Popular Post