ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ෆේස් ඇප් ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන ඔවුන් මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක් පැනනැගෙන බව කියා සිටියා. මේ සම්බන්දයෙන් කළ පරීක්ෂණ වලදී රුසියාවේ සංවර්ධනය කරන ලද ජංගම යෙදුම් ඇමරිකානුවන්ට තර්ජනයක් වන බව එෆ් බී අයි ආයතනය […]
කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ග තද බදය ඇති වී තිබෙන බවට වාර්තා වනවා. බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බව සදහන්.
කුවේට්හි ක්‍රියාත්මක ද්වීපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු එක් වී තිබෙනවා. ඒ සිය කුවේට් නිල සංචාරයට සමගාමීවයි. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මේ දිනවල කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරතවෙමින් සිටිනවා. කුමරු එහිදී කුවේට්හි ද්විපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක නිරත බ්‍රිතාන්‍ය සෙබලුන් හා කුවේට් සෙබලුන් හමුවීමට කටයුතු කළා. දෙරට අතර ක්‍රියාත්මක මෙම හමුදා අභ්‍යාසය නම්කර […]
රුපියල් එක් ලක්ෂ 90,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරි කීර්ති බණ්ඩාර මේ මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාට ඇප ලබාදෙන මෙන් ඉල්ලීමක් කළ […]
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ ද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද 04) සහ හෙට (05) වැඩි වෙන බවද කාලගුණ අංශ පවසනවා. ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල […]
2020 වසර සඳහා නියමිත පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනම දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් දී තිබෙනවා. 2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දී ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ […]
විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. නේවාසික ගැටළු විසඳා දෙන ලෙස බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස විරෝධතාවක නිරතවන බව සදහන්.
ජර්මනියේ නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. එම හමුව පැවැත්වුණේ බවේරියා ප්‍රාන්තයේදීයි. සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබෙනවා. සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු බව සඳහන්. මේ නත්තල් සීයලා […]
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය අද පෙරවරුවේ විවෘත කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලූපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ මෙම මහජන සම්බන්ධතා අංශය විවෘත කර තිබෙනවා. ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳීම මෙම මහජන සබඳතා අංශය මගින් සිදු කෙරෙන බව එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
ලොව පුරා කතෝලික ප්‍රජාව මේ වනවිටත් නත්තල් සමය වෙනුවෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සදහන් කළා. ඒ වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරය ද ඉතාමත් අලංකාරව සරසා ඇති බව සදහන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් සිටිනවා. ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ “ද ස්පිරිට් […]
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබෙනවා. ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙක් වනවා. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර මෙම කාලය තුළ රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර […]
පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. එතෙක් ඇයට විදේශ ගතවීමද තහනම් වන බවටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.