News Line| Off Air
Generic placeholder image

Nov
20

තම ඉදිරි දිවිය දිවියන් වෙනුවෙන් – සජිත්ගෙන් පණිවිඩයක්

Generic placeholder image

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි” යනුවෙන් හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට […]


Nov
20

මට ප්‍රශංසා කළ, නින්දා කළ සියළු දෙනාටම ස්තුතියි – අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ රනිල් කියයි

Generic placeholder image

තමන් හෙට (21) දිනයේදි ජනාධිපතිවරයා හමුවි සිය ඉල්ලා අස්විම සම්බන්ධයෙන් දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එතුමාට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා කියා සිටියා. අගමැතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්, පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, […]


Nov
20

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතාවක්

Generic placeholder image

ජනාධිපතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ඇල්ජීරියාවේ විරෝධතා ආරම්භ වී තිබෙනවා. ලබන මාසය ආරම්භයේදී පැවැත්වීමට නියමිත ඇල්ජීරියානු ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වුණේ ඇල්ජීරියස් අගනුවරදීයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කළා. ජනපතිවරණයට එරෙහි විරෝධතා මේ මාසය පුරාවට පැවැත්වුණු අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා. විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ එම පිරිස නිදහස් කළ […]


Nov
20

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ඔහු මේ බව නිල වශයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හෙට දිනයේදී නීත්‍යානුකූලව අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් වනු ඇති.


Nov
20

රවිනාථ ආරියසිංහ යළි විදේශ කටයුතු ලේකම් ධුරයට

Generic placeholder image

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. මේ වන විටත් එම ධුරයේ කටයුතු කරමින් සිටින රවිනාථ ආරියසිංහ මහතා යළිත් ඊයේ සිට එම තනතුරට පත්කර තිබෙනවා. විදෙස් රාජ්‍යත්‍රාන්තික සේවයේ කීර්තිමත් සේවයකට හිමිකම් කියන ඒ මහතා විවිධ රජයන් යටතේ ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති පුද්ගලයෙකි.


Nov
20

නව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිය ධුරයේ රාජකාරි අරඹයි

Generic placeholder image

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වූ එස්.ආර්. ආටිගල අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා. ඔහු මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු මෙන්ම මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වනවා.


Nov
20

සියලුම ආණ්ඩුකාරයින්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

Generic placeholder image

ජනපති ලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇති පරිදි සියලුම ආණ්ඩුකාරයින්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.


Nov
20

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 9 දක්වා ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිද වැටීමක් හේතුවෙන් අද රාත්‍රි 9 දක්වා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති. එමෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ගනේමුල්ල, රතුපස්වල, ඉහළ යාගොඩ, පහළ […]


Nov
20

අරවින්ද ගේම ඉල්ලගත්තේ වැරදි තැනත් එක්ක ද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
20

අබුඩාබ් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂකම් අතරට

Generic placeholder image

අබුඩාබ් හිදී පැවැත්වෙන පන්දුවාර 10යි 10 තරගාවලියේ දක්ෂකම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් ව තිබෙනවා. ඒ අනුව එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඉහලම පිතිකරණ දක්ෂකම් අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු තරග 03 කදී ලකුණු 70 ක් ලබා ගෙන තිබෙනවා. එමෙන්ම සියලු පන්දු යවන්නන් අතර වැඩිම කඩුලු ප්‍රමාණයක් […]


Nov
20

පාන් මිල ඉහළට

Generic placeholder image

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල ඉහළ දැමෙන බවයි. ඒ අනුව ග්‍රෑම් 400 ක පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහල දැමෙනු ඇති.


Nov
20

පක්ෂ නායකත්වය වෙනස් නොවුනොත් දේශපාලනයේ රැඳී සිටීම ගැන හිතන්න වෙනවා

Generic placeholder image

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් නොවන්නේ නම් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයක් ලෙස එතුමට සහාය දුන්නද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයට කලකිරීමක් ඇති බවත් කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය ගැන හෙට තීන්දුවක් […]


News Articles
Latest Videos
Most Popular Post