News Line| Off Air
Generic placeholder image

Nov
20

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා පහළට

Generic placeholder image

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ නියෝග කර තිබෙනවා. මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වෙනවා. එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ජනපති විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබෙන බව සදහන් වෙනවා.


Nov
20

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුවේ තීන්දුව අද ?

Generic placeholder image

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂණකරුවන්ට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ වුණු […]


Nov
20

ජනපති ගෝඨාභය දළදා සමිදුන් වැද පුදා ගනී

Generic placeholder image

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහනුවර දළදා මාලිගය වෙත පැමිණ තිබෙනවා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සදහායි. ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


Nov
20

ආරක්ෂ ලේකම් වැඩ භාර ගැනීම අද

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙරට ආරක්ෂක ලේකම් ලෙස පත් කරනු ලැබුවා. ඒ අනුව එතුමා අද දිනයේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. එතුමා මානුෂීක මෙහෙයුමේදී 53 වැනි සේනාංකයට අණදෙමින් කුරිරු යුද්ධය නිමා කිරීමට කටයුතු කල රණවිරුවෙකි.


Nov
20

එජාපෙ පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් අතර විශේෂ සකාච්ඡාවක් පැවැත්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා. ඒ අරලියගහ මන්දීරයේදී ය. ඒ අනුව එජාපයේ ඉදිරි ගමන ගැන එහිදි අවසන් තිරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.


Nov
20

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණයක් ?

Generic placeholder image

ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට තීරණය කර ඇති බවටද වැඩි දුරටත් වාර්තා වෙනවා.


Nov
20

අගමැති රනිල් ධූරයෙන් ඉවත් වීමට සුදානමක්?

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අගමැති ධූරයෙන් ඉවත් වීමට සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඇති අතර විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Nov
20

අදත් සවසට තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්ම වූ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Nov
19

අමාත්‍ය හර්ෂ ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන්.


Nov
19

ජනපති ගෝඨාභය ලබන 29 වනදා ඉන්දියාවට

Generic placeholder image

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් පසු සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බව සදහන්. ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති […]


Nov
19

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවුණා.


Nov
19

ජනපතිගේ හා නිර්වාන් රාජපක්ෂගේ කුළුදුල් හමුවීම

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා. එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව සදහන්. එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post