අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග සමබන්ධයෙන් කතිකා කරගැනීමටයි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, බොහෝ දෙනාගේ මතය වූයේ රටේ පාලනය පිළිබඳව පැහැදිළි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් එයට අනුව කටයුතු කළ යුතු බව ලෙසද එම නිවේදනයේ සඳහන් […]
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ මහා සගරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මැදයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ නව ජනපති වැඩ භාර ගැනීම සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා ලෙස තේරීපත් වුණු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යුරෝපා සංගමයද සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. සංගමය වැඩි දුරටත් එම නිවේදනයේ සදහන් කරන්නේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එක්සත් ජාතික පෙරමුණේ ඉදිරිය පිලිබදව ගන්නා තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට අනතුරුව හෙට එක්සත් ජාතික පෙරමුණ කැදවා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂයන්හි පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක් කැදවීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම හමුවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර රුවන්වැලිසෑය අභිමුව ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා සවස් කාලයේ සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, සහ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන්. ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං […]
රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා . මාර්ග නාමපුවරුවලින් ද දේශපාලනඥයින්ගේ රුව ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා.
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති. මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වු යහපත් අංග වෙනුවෙන් සහය පල කිරීමට සුදානම් බව ජාතික ජනතා ව්‍යාපාරය යටතේ ජනාධිපතිධූරය සදහා තරග වැදි මහේෂ් සේනානායක මහතා සදහන් කළා. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් සුභ පතන බවද ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් තමා ඇතුලු කණ්ඩායම ඉටුකිරීමට අපේක්ෂිත සේවාවන් නොපිරිහෙලා ඉටු කරන බවද අද කොළඹදී […]