පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ හෙට පෙරවරු 11.30 ටයි. මේ පිලිබදව ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් නිළයට උසස් කර තිබෙනවා. සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ අදාල උසස් වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළා.
මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසිය ප්‍රකාශ කළා. අවුරුදු 18-25 අතර වයස්හි පසුවන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර […]
ඇමරිකානු නාසා ආයතනය මගින් මුළුමනින්ම විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් ප්‍රථමවරට හඳුන්වා දී තිබෙනවා. මැක්ස්වෙල් එක්ස් – 57 ලෙස නම් කර ඇති මෙම යානය කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය ලබන වසරේ සිට වාණිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට හැකි වනු ඇති බව නාසා ආයතනය අදහස් කර තිබෙනවා. විදුලි […]
ජනාධිපතිවරණයේ අවසන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම තේරීම්භාර නිළධාරීන් අද දිනයේදී කොළඹට කැඳවා තිඛෙනවා. මේ සදහා නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ද කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී හේරත් මහතා කියාසිටියා. ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම/ ආරක්ෂාව/ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රථීඵල ප්‍රකාශ කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් අද පෙරවරු 11 ට ආරම්භ වන මෙම […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර සහ දකුණ පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මඟින් තරඟ පාවාදීම්, තරග පාවාදීමට අනුබල දීම වැනි තොරතුරු වසන් කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා. ඊයේ (07) දිනයේ යම් ප්‍රමාදයක් මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබෙනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක්ව ඇති බව සදහන්. තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ […]
UBS සහ PwC විසින් කරන ලද වාර්තාවකට අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් පසුගිය වසරේ තරමක් පසුබෑමකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. භූ – දේශපාලනික නොසන්සුන්තාවය සහ කොටස් වෙළදපොල අස්ථාවර විම නිසා මෙලෙස ප‍්‍රකෝටිපතියන්ගේ ධනය අඩු වී ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙම කෝටිපතියන්ගේ ධනය ගෝලීය වශයෙන් බිලියන 388 කින් සහ […]
අද පැලවත්ත, අකුරගොඩ ප්‍රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කලේ කල් ගත වුවද මෙවැනි ගොඩනැගිල්ලක් ඉදිකිරිම අතිශය වැදගත් බවත් ඉදිරි වසර 2 තුලදී නාවික හා ගුවන් හමුදා ගොඩනැඟිලි ද විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි. එමෙන්ම එතුමා සදහන් කරන්නේ තම ධුර කාලය […]
නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති සිව්වන 20/20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 76ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 241ක් ලබාගෙන තිබෙනවා. එම ඉනිමේදී තම ඉහළම 20/20 ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඩාවිඩ් මලන් සහ නායක ඉයන් මෝගන් සමත් වුණා. ඒ අනුව […]