කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 117 ක් පමණයි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණක් ලබා සිටිනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රලියානු පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 15 ක් අවසානයේ කඩුලූ 08 ක් දැවී ලබා ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය ලකුණු 98 ක් පමණි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරගය තව සුළු මොහොතකින් බ්‍රිස්බන් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ නායක ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා ,කුසල් මෙන්ඩිස, […]
ඩුබායි හි වොර්සන් ප්‍රදේශයේදී ඉදිරි කර තිබෙන මෙම 3D තාක්ෂණයෙන් යුත් ගොඩනැගිල්ල ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඩුබායි මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි.
ඉදිරි ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම හෙට සිට ආරම්භ වෙනවා. ලක්ෂ 06 කට ආසන්න රාජ්‍ය සේවකයින් හට හෙට සිට දින 04 ක කාලයක් එනම් ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 , 04 , 05 යන දිනයන්හිදී සිය තැපැල් ජන්ද භවිතා කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සදහා සියලු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
දියමන්ති 12.000 කට ආසන්න ප්‍රමාණයක් අල්ලන ලද ලොව මිල අධිකම ගිටාරයක් මේ දිනවල අබුඩාබ් ජාතික ප්‍රදර්ශ මධ්‍යස්ථානයේදී ජනතාවට දැකගත හැකි බව වාර්තා වෙනවා. මාර්ක් ලුවී නම් ගීත රචකයා විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර ඒඩන් ඔෆ් කරන්ට් ලෙස මෙම ගිටාරය නම් කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හමන සුළගේ වේගය තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව තද වැසි, තද සුළං පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව බොහෝ විට හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් අතර පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. […]
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පිලිබදව අදහස් දක්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ එම වාර්තාව දේශපාලනික අරමුණු මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද දැඩි වෛරී සහගත වාර්තාවක් බවයි. ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම වාර්තාව සම්පුර්නයෙන්ම පිළිගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී ය.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සහය හිමිවෙන බව වාර්තා වෙනවා. ඒ බව නිල වශයෙන් ලබන 05ච වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් කැදවමින් ජනතාවට ප්‍රකාශ කරන බවයි වාර්තා […]
ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අද දිවයින පුරා හදිසි වැඩ වර්ජනයක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙම වැඩ වර්ජනය කැදවා තිබෙන අතර රෝහල් තුල සේවා අකර්මනය වීමට මේ තුලින් හැකි බව සදහන් වෙනවා. විශේෂයෙන් බෙහෙත් දිම් සහ අනෙකුත් වෛද්‍ය පරික්ෂණයන් සිදු කරනු ලබන රෝගීන් හට එම සේවා […]
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ඉවත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ ඒ බව ඒ මහතාට දන්වා යවා ඇති බවයි. එමෙන්ම එම මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි කටයුතු කරන […]