News Line| Off Air
Generic placeholder image

Oct
24

සජ්ත්ගෙන් ව්‍යාපාරික ප්‍රජාවට සහන රැසක්

Generic placeholder image

නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණෙන් ඉදිරි ජනපතිවරණය සදහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතා පුත්තලම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ තමා බලයට පත් වූ පසු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහන පැකේජයක් හදුන්වා දෙන බවයි.


Oct
24

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

Generic placeholder image

ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතා අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරුවේ පදනම් ආයතනයේදී ය.


Oct
24

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

දිවයින පුරා ප්‍රදේශ බොහොමයකට වැසි බර කාලගුණයක් තත්වයක් වායුගෝලයේ ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් තද වැසි ඇති වීමට හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී.- 75 – 100 ත් තර තද වැසි ඇතිවන බවයි වාර්තාවන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]


Oct
23

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

Generic placeholder image

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24) සවස 5.00 ට පදනම් ආයතනයේදි එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ”මෙිි රටේ සැම කෙනෙකුටම දැනගන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මොනවද කියලා. පැහැදිලිවම අපි ලග සුරංගනා කතා නැහැ. අපි බොරු කතා කරන්නෙ නැහැ. අනිකුත් අපේක්ෂකයින් ලබා දෙන බොරු පොරෝන්දු වලට අපි සම්බන්ධ වෙන්නෙ […]


Oct
23

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ 08 ක්

Generic placeholder image

අප්‍රේල් 21 වනදා මෙරට තුල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා එම වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ අන්තර්ගත ප්‍රධාන නිර්දේශ සංඛ්‍යාව 08 ක් වනවා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සිදු කර තිබූ […]


Oct
23

හිස්බුල්ලාට නඩු පවරන්නැයි නිර්දේශයක්

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර ඇති හෙයින් ඔහුට මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඒ පිළිබඳව සොයා බැලූ කාරක සභාව සිය […]


Oct
23

නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කරයි

Generic placeholder image

රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට පැනවූ නාය යාමේ අවදානම ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා. මේ අතර කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වනවිට පහත බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා. කෙසේ වෙතත් අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේදී සුළු ගං වතුර […]


Oct
23

ලොව ලොම් වැඩිම බැටලුවා මිය යයි

Generic placeholder image

කිලෝ 40කට වඩා වැඩි ලොම් ප්‍රමාණයක් එක්වරෙක ලබාදුන් ක්‍රිස් නමැති ඔස්ට්‍රේලියානු බැටලුවා මියගොස් තිබෙනවා. ලොව ලොම් වැඩිම බැටලුවා ලෙසින් ප්‍රකටව සිටියේ මෙම ඔස්ට්‍රේලියානු බැටලුවායි. ක්‍රිස් නමැති මෙම බැටලුවා වයස අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් වන අතර උදෑසන අවදිව බලන විට ක්‍රිස් මියගොස් සිටි බව එම සත්ත්වයා වාසය කළ කැන්බරාහි ලිට්ල් ඕක් අභයභූමියේ නිලධාරීන් පවසා තිබෙනවා. […]


Oct
23

රූපවාහිනිය හමුවේ තමා සමග සජිවි විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් ගෝඨා ට අභියෝගයක්

Generic placeholder image

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. සිය නිල ටිවිටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා […]


Oct
23

මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Generic placeholder image

බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් – පුදුමාතලන් වෙරළ තීරයේ ඊයේ සිදුකළ වැටලීමකිදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සකකරුවන් අවුරුදු 36 ත් 40 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. එම කටයුතු සඳහා යොදාගත් යාත්‍රා 4 ක් ද නාවික […]


Oct
23

දකුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගන්න එපා

Generic placeholder image

දකුණු පළාත තුළ කිසිදු පාසලක/ආයතනයක/ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේවන විට වාර්තා වී නොමැති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා වෙත අද (23) පෙරවරුවේ සහතික කර තිබෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් හා පාසල් කටයුතු) විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත […]


Oct
23

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිරතවූ අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 3140 ක් සමඟ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙනවිත් මෙලෙස අලෙවි කරන බවට අනාවරණ වී අති බව සදහන්. ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර […]


News Articles
Latest Videos
Most Popular Post