ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා. ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාව ද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කුරණගේ ධනුක මධුශංඛ පෙරේරා හෙවත් ආමි අසංක නැමැත්තා මත්කුඩු අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාගම නගරයේදී අත්අඩංගුවට ගත් මොහු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළ අතර මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 200ක්, යුද හමුදාව භාවිත කරනු ලබන […]
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී පැය 04 කට ආසන්නයි. මේ වන විට එම ප්‍රදේශයේ ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවන බව වාර්තා වෙනවා. මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ජන්දය ප්රකාශ කිරීම පස්වරු 4.00 ට අවසන් වෙනවා.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇති අතර සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ෂාහිඩ් කපූර් බොලිවුඩය තුළ ජනප්‍රියව සිටින දක්ෂතා සපිරි නළුවෙක්. ඔහු නලුවෙක් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද වනවා. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බව නොදන්නා කෙනෙක් නැහැ. “ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ […]
ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ප‍්‍රථම පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංගමයේ කැදවුම්කරු කේ ඞී රත්නායක පවසන්නේ මේ පිලිබදව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට නිල වශයෙන් දැනුම් දුන් බවයි.
සභිකයින් 28 දෙනකු තෝරා පත් කර ගැනීම සදහා පැවත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ජන්ද ප්‍රථිඵලය අද රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසනවා. ජන්දය ප්රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඇල්පිටිය […]
කාබන් බදු අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිශ්චිතව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නියමිත බව සදහන්. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව මෙතෙක් තීරණය කෙරුණ අතර ප්‍රාදේශීය ලේකම් […]
ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා ජෝර්ජියාව අතර තරගය අද පැවැත්වෙනවා. හෙට පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකක් අවලංගු කර ඇත්තේ හගීබිස් සුළි කුණාටුව හේතුවෙන්. නවසීලන්තය හා ඉතාලියත් එංගලන්තය හා ප‍්‍රංශය අතර තරගයත් මෙලෙස අවලංගු කල බවයි ජපාන රග්බි බලධාරීන් සදහන් කලේ. වසර 32ක රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක් අවලංගු වූ ප‍්‍රථම අවස්ථාව ලෙස මෙයයි. මීට […]
ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ඒ අතර කුඩා දරුවන් ද වනවා. කෙසේ වෙතත්, ඇමරිකාව කියා සිටියේ මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් තම ඉලක්කය වූ බවයි. තලේබාන් විසින් මෙහෙයවා ඇති මෙම මධ්‍යස්ථානය සටන්කාමීන්ට අරමුදල් සැපයීම සදහා පවත්වාගෙන […]
සබරගමුව / මධ්‍යම / ඌව / දකුණ / උතුැ මැද සහ වයඹ පළාත්වලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මන්නාරම සහ වව්නියාව දිස්ත‍්‍රික්ක සදහාද මිලිමීටර් 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු බොහෝ ප‍්‍රදේශවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා […]
ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ මුද‍්‍රණය කරන අනුපිළිවෙළ සකස් කර තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළේ අපේක්ෂකයින් 35 දෙනොගේ නම සහ ලකුන අදාළ අනුපිලිවෙළ අනුව ඡුන්ද්‍ර පත‍්‍රිකාවේ මුද්‍රණය කිරීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත‍්‍රික් මට්ටමින් ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය […]