දිවයිනේ පුරා අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. පසුගිය දින කිහිපය තුල අද හැලුණු අධික වර්ෂාව ඊයේ දිනයේදී පහව ගිය බව පෙනුනත් අද සවස් වරුවේ තද වැසි ඇතිවියහැකි කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
තම රජයක් යටතේ, වත්මන් රජය මගින් පනවා ඇති අසාධාරණ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට හෙට සිට යලිත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 16,000 කට වැඩි ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීම අත්‍යාවශ්‍ය සේවාවක් […]
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ඊජිප්තුවට අයත් වටිනා කෞතුක භාණ්ඩයක් යළි බාරදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මෙසේ යළි බාරදී ඇත්තේ රන් ආලේපිත දැවමය මිනී පෙට්ටියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊජිප්තුවේදී සොරාගැනුණු වටිනාකමින් ඉහළ පුරාවස්තුවක් යළි මව් රටට භාරදීමට අමෙරිකානු රජය තීරණය කර ඇති අතර නිව්යෝර්ක්හි පැවැති විශේෂ උත්සව අවස්ථාවකට එක්වූ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපතිවරයා මේ බව නිවේදනය කර තිබෙනවා. මෙසේ […]
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 64 දෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මෙම සැකකරුවන් නුවරඑළිය කඳවුරෙහි අවි පුහුණුව ලබා ගත් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග සිරිකොත පක්ෂ මුලස්ථානය අවට මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ පක්ෂ ක්‍රියාකාරීන් විශාල වශයෙන් එක්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් ප්‍රිතී ඝෝෂා පළකරමින් සිටිනවා. මේ හේතුවෙන් සිරිකොත අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතින බවයි අප […]
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් පත් කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින් හා උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරෙන අතර දුම්රිය සේවාවේ වැටුප් විෂමතා ද ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු.3,000 කින්ද උපරිමය රු.24,000 කින්ද වැඩිවනු […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කමිටු නිර්දේශ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේ දී මෙලෙස සිය වැටුප් විෂමතා මුල් කරගෙන ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීම අසාධාරණ බවයි.වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සේවකයන් හට අයිතියක් තිබුනද වෘත්තීය සමිතිවල අවස්ථාවාදී ක්‍රියාවලට රැවටීම ගුරු විදුහල්පති […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරි දිනකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළා. අද ගාල්ලේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසුවා. “එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සජිත්, […]