News Line| Off Air
Generic placeholder image

Dec
7

ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Generic placeholder image

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය තැන්පත්කර ඇත්තේ මහව පිහිටි නිවසේයි. දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. ටී.බී. ඒකනායක මහතා කලක සිට රෝගාතුරව කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ මිය ගියා. මියයන විට […]


Dec
7

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා රාජකාරී අරඹයි

Generic placeholder image

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා අද සිය රාජකාරි ආරම්භ කළා. ඒ අනුව ඔහු සැළකෙන්නේ එම දෙපාර්තමේන්තුවේ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.


Dec
7

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත (ඡායාරූප)

Generic placeholder image

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දුන්නා. ඒ, කමිටු සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය සහ කමිටු සාමාජිකයින් විසින්. අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, එම කමිටුවේ පූර්ණ වාර්තාව මසක් තුළ ලැබීමට නියමිත බවයි.


Dec
7

මුව ආවරණ නොපැළඳි 9කට දඩ නියම කෙරේ

Generic placeholder image

මුව ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දඩ නියම කළා. එක් පුද්ගලයෙකුට රුපියල් 3000 බැගින් එලෙස දඩ නියමකර තිබෙනවා. මුව ආවරණ නොමැතිව හබරාදූව නගරය ආශ්‍රිතව ගමන් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


Dec
7

තවත් 344කට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිසෙන් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගියා.


Dec
7

රමිත් රඹුක්වැල්ල ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට

Generic placeholder image

ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඇතුළු වී තිබෙනවා. පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේදී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැහැ. දඹුල්ල කණ්ඩායමේ අෆ්ටාබ් අලාම් තරගාවලියෙන් ඉවත්වීම නිසා රඹුක්වැල්ලට මෙම අවස්ථාව ලැබී ඇති අතර ඒ අනුව රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා. මේ වනවිට […]


Dec
7

ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස්කර ඇති බව ගන්ධර වරායේ ඉදිකිරීම් කටයුතු අරඹමින් අගමැති කියයි (ඡායාරූප)

Generic placeholder image

ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බද්දෙන් ධීවරයින් නිදහස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගන්ධර ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක් වෙමින්. මීටර 300කින් යුත් ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් මෙම යෝජිත වරාය තුළින් බහුදින යාත්‍රා 400ක් පමණ ධීවර කටයුතු සඳහා යෙදවීමට සැළසුම්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය […]


Dec
7

“මීටරෙන් ජීවිතේ” තවත් අදියරක් කොක්මාදූව අන්තර් හුවමාරුවේදී (ඡායාරූප)

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, “මීටරෙන් ජීවිතේ” ස්ටිකර් ඇලවීමේ වැඩසටහන‍ ස්ථාන රැසකදී මේ වනවිට පැවැත්වෙනවා. එම වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිතවයි. අධිවේගී මාර්ගයේ කොක්මාදූව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් කොක්මාදූව අන්තර් හුවමාරුව හරහා ධාවනය කෙරෙන වාහනවල ස්ටිකර් අලවා ජනතාව දැනුවත් […]


Dec
7

මහනුවර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

මධ්‍යම පළාතේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රිකකයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 383ක්. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් ලෙස වාර්තා වී තිබෙනවා. අදාළ දත්තවලට අනුව අද උදෑසන වනවිට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් […]


Dec
7

වනජීවි නිලධාරීන්ගේ වැඩ වර්ජනය දැඩිවන ලකුණු

Generic placeholder image

වෘත්තීය සමිති කිහිපයක වනජීවි නිලධාරීන් එක්ව මේ වනවිට දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වනවා. ඔවුන් පවසන්නේ, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු වන නීති විරෝධි ක්‍රියා නතරකර, ස්වාභාවික සම්පත් සුරක්ෂිතකර දෙන ලෙසයි. ඒ සඳහා රජය නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි අදාළ වෘත්තීය සමිති නායකයින් පවසන්නේ.


Dec
7

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු පළමුවැනිදා

Generic placeholder image

කල් දැමුණු අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම මස 11වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය මින් පෙර පැවැත්වීමට සැළසුම්කර තිබුණේ ලබන වසරේ ජනවාරි මස 18වැනිදා සිට 27වැනිදා දක්වායි. එහෙත් රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් […]


Dec
7

නිරුවත් පුද්ගලයෙකු නිවසක් තුළට පැන සිදු කළ දේ

Generic placeholder image

කුරුණෑගල, තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම් කාලයේ නිරුවතින් පැමිණි පුද්ගලයෙක් ඊට ඇතුළු වී එහි භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා නිවසට ඇතුළු වීමට පෙර තමන් සතුව තිබූ උදැල්ලක් සහ පිහියක් ඒ සඳහා භාවිතකර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කුරුණෑගල පොලිසියේ නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂණ සිදුකර […]


News Articles
Latest Videos
Most Popular Post