News Line| Off Air
Generic placeholder image

Dec
7

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන් තිදෙනෙකුගේ සිරුරු පිළිබඳ අවසන් පරීක්ෂණ අද

Generic placeholder image

පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගතකර සිටියදී රැඳවියන් 11 දෙනෙකු මියගියා. පොලිසිය පැවසුවේ, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරුකරගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර සෙසු තිදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති […]


Dec
7

දිනකදී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළ නැංවීමට පියවර

Generic placeholder image

මෙරට දිනපතා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඒ සඳහා මේ වනවිට රෝහල් 10ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. රජයේ රෝහල් 5ක් සහ පෞද්ගලික රෝහල් 5ක් ලෙස රෝහල් […]


Dec
7

ඊයේ දිනය තුළ ආසාදිතයින් 649ක් හඳුනා ගනියි

Generic placeholder image

ගත වූ දිනයේ අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 649ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 197 දෙනා බන්ධනගාරවලින් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක් වෙමින් සිටි […]


Dec
7

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් වාර්තා වුණා. කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙක් එලෙස මියගිය අතර ඔවුන් සියලු දෙනා අවුරුදු 71ත් 98ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
5

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 137ක් ලෙසයි. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
5

දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 669ක්

Generic placeholder image

තවත් ආසාදිතයින් 168 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 669ක්. ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 23,674ක් දක්වා ඉහළ ගියා.


Dec
5

මොරටුව අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවගේ කුසේ සිටි දරුවාත් මරුට – අනතුර සිදු කළ පුද්ගලයා රිමාන්ඩ්

Generic placeholder image

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කළ යතුරුපැදිකරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ නව ගාලු පාරේ පදික මාරුවක් මතින් කුඩා දැරියන් දෙදෙනෙකු සිය මව සමග මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී අදාළ යතුරුපැදියේ ගැටී ඔවුන් අනතුරට පත්ව තිබුණේ […]


Dec
5

නව ආසාදිතයින් 501ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 501 දෙනෙකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු 182දෙනා හඳුනාගෙන ඇත්තේ, බන්ධනාගාර කොරෝනා පොකුරෙන්.


Dec
4

තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ නංවමින් තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. එලෙස මිය ගොස් ඇත්තේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මරණය පිළිබඳ තොරතුරු පහතින් :


Dec
4

තවත් ආසාදිතයින් 265ක් – පෑලියගොඩ පොකුර 23,000 පනියි

Generic placeholder image

නව ආසාදිතයින් 265 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. අද දිනයේ එම පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 23,005ක් ලෙසයි. ඒ සමග මෙරට තුළින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 26,555 […]


Dec
4

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම ගැන නීතිපතිවරයාගෙන් සිංගප්පූරු නීතිපතිට පැහැදිලි කිරීමක්

Generic placeholder image

මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පැහැදිලි කිරීමේ සටහනක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යෛාමු කරනු ලැබ තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙක් වන අතර ඔහු මේ වනවිට වාසය කරන්නේ සිංගප්පූරුවේයි.


Dec
4

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එහි සභාපති ධුරය සඳහා නම් කෙරුණේ, අශන්තා ද මෙල් මහතායි. එමෙන්ම චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ කර්නින් යන මහත්වරුන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post