හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබෙනවා. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.45ට පමණ මෙම පැටවුන්ගේ උපත සිදු වූ බවයි. එම පැටවුන්ගේ මව වයස අවුරුදු 8ක් වන ෂීනා නමැති ජර්මනියේ සිංහ ධේනුවක් වන අතර පියා වයස අවුරුදු 7ක් වන චීනයට අයත් සිංහයෙක් බව ද හේමන්ත […]
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අද උදෑසන මහජන ගෞරවය සඳහා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කෙරුණා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික අධ්‍යාපනපති පුජ්‍ය හූරීකඩුවේ පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන 22 […]
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් අද උදෑසන පළා ගිය රැඳවියා මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි. බන්ධනාගාරය තුළ ඔහු ඇතුළුව නිරෝධායනයට යොමු කර සිටි තවත් රැඳවියන් 5 දෙනෙකු අද උදෑසන ඉන් පළා යාමට තැත්කර තිබුණා. ඉන් තිදෙනෙක් අල්ලාගත් අතර එක් අයෙකු මියගිය බවයි […]
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,587ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම තවදුරටත් ආසාදිත රෝගීන් 5422ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා වාර්තාවේ දැක්වෙනවා.
නව කොරෝනා වෛරසය ලොව පුරා මිනිස් ජීවිත බිලි ගැනීම ආරම්භකර ඊයේ දිනයට වසරක් සපිරෙනවා. නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ ප්‍රථම වරට තොරතුරු වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ඒ, පසුගිය වසරේ නොවැම්බර් මස 17 වැනිදායි. නව කොරෝනා වෛරසය මිනිසෙකුගේ ශරීරයට මුලින්ම ඇතුළු වන්නේ සත්ත්වයෙක් මගින් බව ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙනවා. 2003 […]
2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම ඊයේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන ලබා දී තිබූ අතර ක්ෂේත්‍ර රැසක් සඳහා සහන සහ සංශෝධන සහිත යෝජනා ඉදිරිපත් වුණා. එම යෝජනා පහතින් : විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම ඉදිරි වසර 5 තුළ කෘෂිකර්මාන්තය, සත්ත්ව හා […]
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි. දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලි මීටර 50ට වැඩි […]
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පස් දෙනෙක් ඊයේ රාත්‍රී පැන යාමට තැත්කර තිබෙනවා. ඉන් තිදෙනෙක් අල්ලාගෙන ඇති අතර එක් අයෙක් පැන යාමට තැත් කළ අවස්ථාවේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තවත් රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරින් ජනරාල්වරයා පැවසුවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වරාය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් කරමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. එම ගැසට් නිවේදනය පහතින් :
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, ඊයේ රාත්‍රී තවත් මරණ 5ක් වාර්තා වීමත් සමගයි. කොළඹ 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 5 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත් වී ඇති අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්. 2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක […]
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානම් බවයි ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය […]