News Line| Off Air
Generic placeholder image

Nov
2

4,039 දෙනෙකු තවමත් නිරෝධායනයේ

Generic placeholder image

ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයින් 4,039 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයින් 228 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බවයි. ඒ අනුව පල්ලේකැලේ කෘෂිකර්ම පුහුණු පාසල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ද, ගල්කිස්ස හෝටල් නිරෝධායන […]


Nov
2

අද උදෑසන වනවිට ආසාදිතයින් 397ක් හඳුනා ගනියි

Generic placeholder image

අද උදෑසන වනවිට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 397 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ආසාදිතයින් 7,582දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන්. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු කම්හලේ සේවකයින් වන අතර සෙසු 6,541 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. එමෙන්ම අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන […]


Nov
1

තවත් ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

Generic placeholder image

ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවමින් නව ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. නිරෝධායනය වෙමින් සිටි 35 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 169 දෙනෙකු එලෙස හඳුනාගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. ඒ අනුව මෙරට සමස්ත වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 11,060ක් දක්වා ඉහළ ගියා.


Nov
1

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල කාර්යාලයට ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෙට සිට නැවත දැනුම් දෙනතුරු ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ, කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින්. ඒ අනුව ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල පෙරවරු 8 සිට පස්වරු 4:30 දක්වා එම කාර්යාලයේ නිලධාරීන් සමග සම්බන්ධ වී […]


Nov
1

මෙරට 21 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් එලෙස මියගොස් ඇති බවයි. අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනිදා ඔහුව රෝහල්ගත කර තිබුණා. ඔහු ඊයේ මියගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ්‍. පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් […]


Nov
1

බස්නාහිරටත් පන්දහසේ දීමනාව – නිරෝධායනය වන පවුල්වලට දසදහසක සහන මල්ලකුත්

Generic placeholder image

නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහි පළාතේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි වූ, සහන ලැබිය යුතු බව හඳුනාගත් පවුල් සඳහා රුපියල් පන්දහසේ දීමනාව යළි ලබාදීමට කටයුතු සැළසුම් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශවල තීරණයට අනුව දිවයින පුරා නිවසේවල […]


Nov
1

වෛසරය ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 125ක් වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආදානය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එලෙස හඳුනාගෙන ඇත්තේ, දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පොලිස් නිලධාරීන් මිස පොලිස් ස්ථානවල රාජකාරියෙහි නිරත නිලධාරීන් නොවන බවයි. මේ වනවිට එම නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම 400 කට […]


Nov
1

සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් දැනුම් දිය යුත්තේ කාට ද?

Generic placeholder image

කොරෝනා වෛරසය බවට සැක කළ හැකි ලක්ෂණ ඇත්නම් සෘජුව රෝහලක් වෙත නොයා ඒ පිළිබඳ නිවසේ සිට අදාළ අංශ දැනුවත් කිරීමට නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. අද පස්වරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසුවේ, රෝගියා පත්වන අපහසුතාව වැළැක්වීමත්, යම් හෙයකින් අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී ඇත්නම් එය බාහිර […]


Nov
1

දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරයි

Generic placeholder image

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් අතර අද පැවැති සාකච්ඡාවේදීයි. එහිදී තීරණය කර ඇත්තේ, භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කිසිඳු කටයුුත්තක් සඳහා දිස්ත්‍රික්ක අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන […]


Nov
1

කොළඹ කොටස් වෙළඳපොළේ නිවේදනය

Generic placeholder image

කොළඹ කොටස් වෙළඳපොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදු කරගෙන යෑමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොළ අද නිවේදනය කළා.


Nov
1

කොරෝනා මර්දනයට ජනපති ගත් තීරණ

Generic placeholder image

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර ජනාධිපති කාර්යාලයේදි අද පැවැති සාකච්ඡාවකදීයි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම වෙනුවට නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථක ප්‍රතිඵල […]


Nov
1

තවත් 193ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසානය වූ නව ආසාදිතයින් 193 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හුමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 6 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 187 දෛනෙකු එලෙස වාර්තා වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post