News Line| Off Air
Generic placeholder image

Feb
23

කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive

948 Views


කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය. හේතුව මෙන්න. – Exclusive

අාණ්ඩු පෙරළිය වෙන්නැති නිසා හැමෝම බලන් හිටියේ කැබිනට් සංශෝධනයක් කරයි කියලා. ප්‍රබල කැබිනට් සංශෝධනයක් කරනවා කියලා අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් සනාථ කරා.

ඊයේ දවසෙත් හැමෝම බලාගෙන හිටියේ අලුත් කැබිනට් සංශෝධනය එ්වි කියලා. හැබැයි ඊයේ කිව්වේ අද අනිවාර්යෙන් කැබිනට් සංශෝධනය කරනවා කියලා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණේ අදත් කැබිනට් සංශෝධනය වෙන්නේ නෑ කියලා.

එ්කට හේතුව වෙලා තියෙන්නේ එ්ජාපයේ අැමතිධූර ලැයිස්තුවට ජනාධිපතිතුමා අකමැති වීම. අධ්‍යාපන අමාත්‍යංශය වගේ ප්‍රබල අමාත්‍යංශ ජේෂ්ඨ අැමතිවරුන්ට දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. හැබැයි එජාපයෙන් එ්කට කැමති වෙලා නෑ.

මේ නිසා අායෙත් එජාපය අරලියගහ මන්දිරයට එකතු වෙලා තියෙනවා. එ් අැමති ධූර කොහොමද බෙදන්නේ කියන එක කතා කරන්න. පේන විදියට හෙටත් කැබිනට් සංශෝධනයක් වෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post