News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අයි.එස්. සංවිධාන නායකගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

Generic placeholder image

අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්, තුර්කි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා සිරියාවේ ඇමරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් – බග්ඩාඩි ජීවිතක්ෂයට පත්වුණා. උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බව තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති බව සදහන්. […]


Nov
5

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි බුල්ස් පිලට

Generic placeholder image

ශ්‍රී ලංකා පිළේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අබුඩාබි ටී – ටෙන් පන්දු වාර දහයේ ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා. එම කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් ප්‍රකාශ කළේ මොහොමඩ් නබී සහ ෂර්ෆේන් රදෆ්ර‍ෙඩ් ඇතුළු ක්‍රීඩකයන් අතරට ජාත්‍යන්තර තලයේ මනා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ලෙසට ඇන්ජලෝ මැතිව්ස් තෝරා ගත් බවයි. එක්සත් අරාබි එමීරයේ ටී – […]


Nov
5

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වෙයි

Generic placeholder image

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැරිස් කාලගුණ සම්මුතියට අයත් අනෙක් සාමාජික රටවල් සිය කණගාටුව පළ කර තිබෙනවා. පැරිස් කාලගුණ සම්මුතිය හරහා අමෙරිකානුවන්ට අසාධාරණ ආර්ථික බරක් දැරීමට සිදුවන බව අමෙරිකාවේ අදහසයි. ඒ අනුව […]


Nov
5

රටම කතාවෙන මොකද්ද මේ ගුරු මාරුව?

Generic placeholder image

හැමෝම මේ දවස් වල කතාවෙන මාතෘකාවක් තමයි ගුරු මාරුව කියන්නේ. ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ කසුන් සමරකෝන් මේ පිලිබද දක්වන අදහස් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න. ගුරු මාරුව ඔබේ ලග්නයට කෙසේ ද? වීඩියෝව බලාපොරොත්තු වන්න.


Nov
5

මම දැන් ප‍්‍රසිද්ධයි – මාව අල්ලන්න එපා – රනූ මොන්ඩාල් රසිකයන්ට කියයි

Generic placeholder image

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ බොහෝ කතා බහට ලක් වූ ජනපි‍්‍රය කාන්තාවක් වූ රනූ මොන්ඩාල් නැවත කතා බහට ලක් වන චරිතයක් බවට පත්ව තිබෙනවා. නමුත් මේ දිනවල ඇය පිලිබද ඇති කතා බහ හොද ආකාරයෙක් සිදු නොවන්නක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. දුම්රිය ස්ථාන වල ගීත ගායනා කරමින් සිටි ඇගේ ගායනය වීඩියෝවක් මගින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමත් […]


Nov
5

රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට පෙරවරු අටේ සිට පැය 12 ක කාලයක් අලුත්වැඩියාවක් හේතුවෙන් රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව රන්න, තාලූන්න, කට්ටකඩුව, යාය විස්ස, නෙටොල්පිටිය, යාය 18, යාය 19, පට්ටියපොල, ගුරුපොකුණ ආදි ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. එසේම තංගල්ල – මැදකැටිය, දංකැටිය, මැඩිල්ල සහ හේනකඩුව […]


Nov
5

බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු රෝහලේ

Generic placeholder image

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන්ගත් මගීන් 29 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරුට බව වාර්තාවනවා. මාතර සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දක්වා […]


Nov
5

ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙයි

Generic placeholder image

ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබෙනවා. රජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති බව සදහන්. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය […]


Nov
5

දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය 4ක්

Generic placeholder image

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බවයි. එම දිනවලදී කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35 ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට නියමිතව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව […]


Nov
5

පණ්ඩිත් අමරදේවයන්ගේ නම නොදත් අයිස්කී‍්‍රම් වෙළෙන්දා

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
5

කෝලි සිය 31 වෙනි උපන්දිනය සමරයි

Generic placeholder image

ඉන්දීය සුපිරි ක්‍රීඩක වීරත් කෝලි අද ඔහුගේ 31 වන උපන් දිනය සමරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සහ ඔහුගේ බිරිද ඉන්දීය සුපිරි නිළි අනුෂ්ක ශර්මා සමග මේ දිනවල භූතානයේ සංචාරයකද නිරත වෙනවා.


Nov
5

MCC ගිවිසුම ගැන රතන හිමිගේ මතය කියයි

Generic placeholder image

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. අද කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් […]


News Articles
Latest Videos
Most Popular Post