කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා. නවදිල්ලියේ පවතින වායු දූෂණ තත්ත්වය මීට හේතුවී ඇති බවට සැක කරන බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියා. විශේෂයෙන් කොළඹ නගරයේ ඉහළ අහසේ ඊයේ දින සිට මීදුම වැනි තත්ත්වයක් පවතිනවා. එලෙස පෙන්නුම් කරන්නේ මෙම […]
නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාරියාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි. මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබු අතර මෙය දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු […]
නාසා ආයතනයට අයත් කෙනඩ් අභයවකාශ මධ්‍යස්ථානයෙන් මිට දින 780කට පසු පිටත් වුණු එක්ස් 37 බි ලෙස හදුන්වන ඇමෙරිකාවට අයත් මෙම රහස් යානය පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම යානය අවුරුදු 02 කට අධික කාලයක් පෘතුවියේ පහල කක්ෂයේ රැදී සිටි බව වාර්තා වෙනවා. මෙම යානය කුමක් සදහා එලෙස කක්ෂ ගත කලේද යන්න මෙතෙක් අනාවරණය […]
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හඟුරන්තෙක පැවැති ජන හමුවකට එක් වෙමින් සදහන් කලේ ගොවි ජනතාව සදහා ඔවුන්ව දිරිමත් කිරීම සදහා මෙන්ම එම නිෂ්පාදන රැක ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා සතු බවයි. එතුමා වැඩි දුරටත් සදහන් කලේ ගොවි ජනතාව වෙනුවෙන් තමා බලයට පත් වූ පසු නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා […]
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.
2019 ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම බස් රථ අදාල කාර්ය සඳහා යෙදවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගවෙල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් සදහන් කලේ ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා බලයට පත් වූ පසු ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම පානිය ජල පහසුකම් හා මාර්ග සංවර්ධනය සදහා ව්‍යපෘති සකස් කරන බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.
තුන් ලෝ වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වන බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත කොට සකසන ලද ථෙරවාද ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත ඊයේ අදාල කමිටුවේ විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතා භාර දී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසර මුලදී ජනපතිවරයා විසින් ලෝක පුජිත ත්‍රිපිටකය අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ්රී […]
වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ දී නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට එම ගම්වාසීන් සිදු කල පහරදීමට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලය සේවකයින් විසින් අදාල ප්‍රදේශයේ විදුලිය කැපීමක් සිදු කර තිබෙනවා. මෙයටද විරෝධය පල කරමින් එම ගම්මවසින් ඊයේ යාපනය කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ වන සිද්ධිය සම්බන්දයෙන් […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාති‍්‍රයේ රැස් වූ අතර එහිදී කොළඹ සමුළුවට පැමිණි සියලු සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ එම සංවිධායකවරු ඉවත් කර නව වැඩ බලන සංවිධායකවරු පත් කර මැතිවරණ කටයුතු ඉදිරියට […]
MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල අතර ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් මගින් පුජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත්තේ මෙම ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවත් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන්නේ නම් එය පාර්ලිමේන්තුවේදි […]
පසුගිය දින කිහිපය පුරාම ඇද හෙලුනු අධික වර්ෂාව අද සිට ක්‍රමයෙන් අඩු වන බව කාලගුණ විද්‍යා දෙපර්තුම්නේතුව සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි වුවද දිවයිනේ සෙසු ප්‍රදේශවල තරමක වැසි රහිත කාලගුණ තත්වයක් ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.