ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ජාවක් මේ මස 06 වනදා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ජාව සඳහා පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට ද එක්වන ලෙස දැනුම් දී තිබෙනවා. මෙම සාකච්ජාවේදී නාම යෝජනා දින ආරක්ෂාව, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණිය හැකි පක්ෂයක නියෝජිතයින් සංඛ්‍යාව සහ දැන්වීම් ප්‍රචාරය ඇතුළු කරුණු […]
ඉලෙක්ට්‍රොනික කෘතිම අතක් නිපදවූ පද්මනාදන් දුෂ්‍යන්තන් සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් විසින් ඊයේ (02) උපහාර උත්සවයක් සංවිධානය කළා. යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මහජනතාව ඉදිරියේ උපහාර දැක්වූ ආණ්ඩුකාරවරයා එම ශිෂ්‍යාගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මුදලින් රුපියල් ලක්ෂ දෙකක්ද පරිත්‍යාග කොට තිබෙනවා. පර්යේෂණ කටයුතු සහ කෘතිම අත් නිපදවීම පිළිබඳව ඉන්දියාවට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් හැදෑරීම […]
අද පස්වරු 1.00ට පමණ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එමෙන්ම තද වැසි ඇතිවෙන විට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු හා වයඹ පළාත්වලටත් බල පවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඓතිහාසික ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. මේ වසරේ ගාලු කොටු බැම්මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එක් ස්ථානයක් මෙලෙස ගිලාබැසීමට ලක්ව ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙකු කියා සිටියා. මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වලක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව යාපනය පළාලි ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කර තිබෙනවා. ප්‍රාදේශීය ගුවන් තොටුපලක් ලෙස පැවති යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම පසුගිය ජූලි මස 5 වනදා ආරම්භ කෙරුණා. එහි සංවර්ධන කටයුතු මේ මස 10 වනදා වනවිට අවසන් වන අතර, […]
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය සදහා නාම යෝජනා භාර ගනු ලබන, ලබන සඳුදා දින කොළඹ අධ්‍යාපන කලාපයේ කොට්ඨාස 03ක හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් ත්‍රිත්වයක් වසා තැබෙන බවයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එදින ආරක්ෂක හේතුන් මත මෙම පාසල් වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බැවින් ඒ පිලිබදව සලකා […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනපතිවරණය සදහා ගන්නා තීරණ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නොමැති අතර අද දිනයේ දී පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව දෙපාර්ශවයේ සන්ධාන ගත වීම ගැන මෙහිදී දුරටත් සාකච්ඡා කෙරෙන බවයි සදහන් වන්නේ.
අද පැවැත්වූනු එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේදී ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව සමුළුවට පැමිණි ජනතාව ඒකමතිකව සම්මත කළා. මීට අමතරව පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායක ලෙස කටයුතු කිරීමට ද ගෙන ආ යෝජනාව ස්ථිර වුණා.
මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවෙදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ද තිබෙනවා. තවත් යෝජනා කිහිපයක්ම මෙහිදී ඉදිරිපත් කෙරුණා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙනවා. යෝෂිත රාජපක්ෂ අතිනත ගන්නේ ආනන්ද ජයසේකර නම් ව්‍යාපාරිකයාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.
පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. එය සලකා බැලු නීතිපතිවරයා විසින් ඒ මහතාට විදෙස් ගත වීම සදහා අද අවසර ලබා දී තිබෙනවා. මේ මස 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රතිකාර සදහා විදෙස් ගත වීමට සිටින බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාපයේ මහා සමුළුව මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයෙදී ආරම්භ වුණා. මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගී වී සිටිනවා.