ශ්‍රේණි සහ වැටුප් විෂමතා මුල් කරගිනිමින් දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. සිය ඉල්ලීම් වලට නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ. දුම්රිය වෘත්තය සමිති පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ආරම්භ කළා. දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / […]
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු 02 00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ / සබරගමුව සහ බස්නාහිර පලාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම / ඌව / උතුරු මැද සහ වයඹ පලාත් වල මිලි […]
හබරණ තුම්බිකුලම රක්ෂිතයේ තිබී මියගිය තවත් ඇතින්නියන් දෙදෙනෙකු සොයාගෙන ඇති අතර ඒ අනුව මියගිය ඇතින්නියන් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා. පෙරවරු 07.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් වීමට නියමිතයි. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් මිලියන 09 යි දශම 5 ක් සුදුසුකම් ලබා සිටිනවා. ඉන් මිලියන 03 යි දශම 3 ක් කාන්තාවන්. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඇෆ්ගනිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථාන 49, 402 ක් […]
ලෝක ජල භීතිකා දිනය අදට යෙදී තිබෙනවා. වසරේ ගතවූ මාස 08 තුළ ජල භීතිකාව හේතුවෙන් පුද්ගලයින් 18 මියගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය කිත්සිරි ලොකුබාලසූරිය මහතා සදහන් කළේ. මෙවර ජල භීතිකා දිනයේ තේමාව වන්නේ එන්නත් කරමු – ජලභීතිකාව තුරන් කරමු යන්නයි. ජලභීතිකාව වැළදීමෙන් මියගිය සතුන් සංඛ්‍යාව 335 ක්. ඒ අතරට […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. එම පෙරමුණ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරනවා. දින ගණනාවක සිට පවතින මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර ප්‍රකාශ කළා.
ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය මේ වනවිට සිඳීගොස් තිබෙනවා. සීගීරිය ප්‍රදේශයේ පවතින නියගය හේතුවෙන් දීර්ඝ කාලයකට පසුව එම ජල තටාකය සිඳීගොස් ඇති බව සදහන්. ජල තටාකය සිඳීයාමත් සමග එහි පතුලේ පවතින රොන්මඩ ඉවත්කර අවට බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත්‍රා බස්නායක […]
ගැබ්බර ඇතින්නියන් 3 දෙනෙකු ඇතුළු ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුරු හමුවූ හබරණ – හිරිවඩුන්න වැව ආසන්න ප්‍රදේශයේ තිබී තවත් මිය ගිය ඇතින්නියකගේ සිරුරක් හමුවී තිබෙනවා. එම ඇතින්නිය අසළ පැටවෙකු ද සැරි සරන බව සදහන්. ගම්වාසීන් විසින් අද උදෑසන මෙම ඇතින්නියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා. ස්වභාවික නොවන හේතුවක් මත ඔවුන් මියගොස් ඇති බව ඇතින්නියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතයි. නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයද අද සාකච්ඡාවේදී දැනුම් […]
දිවයිනට ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම, මඩකලපුවේ සිට පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම […]
පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය පස්වරු 3.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතව තිබුනද මේ වන විට කරච්චි නුවරට ඇදහැලෙන අධික වර්ෂාව නිසා තරගය අතහැර දමා තිබෙනවා.