News Line| Off Air
Generic placeholder image

Sep
30

නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Generic placeholder image

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැුස්වීමක් අද පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක […]


Sep
30

ගුරු විදුහල්පතිවරුන් හා දුම්රිය සංගම් සාකච්ඡාවකට කැදවයි

Generic placeholder image

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලූව විසදීම සදහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද සාකච්ඡුාවක් කැදවා තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ පස්වරු 1 යි 30 ගුරු විදුහල්පති වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැදවා ඇති බවයිි. වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු […]


Sep
30

ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට

Generic placeholder image

නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. නිල්වලා ගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා. අදාළ ගංගා දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක […]


Sep
29

ලොව වේගවත්ම මිනිසා මෙන්න

Generic placeholder image

මෙවර ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් සමත් වුණා. ඒ ඊයේ පැවති 2019 මලල ක්‍රීඩා තරගවලියේ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දින ගනිමින්. ඒ අනුව අඩුම කාලයකින් වැඩිම වේගයෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් පෙන්වීමට එහිදී සමත් වුණා.


Sep
29

පිහිනීමට නොදන්නා අයටත් දියේ ගිලෙන් නැතුව ඉන්න පුහුණුවක්

Generic placeholder image

පවතින ආපදා තත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයදී පිහිනීමට නොදන්නා අයට දියේ ගිලෙන් නැතුව ජීවිතය බේරගන්නා ආකාරය පිළිබද විශේෂ පුහුණු වැඩ සටහනක් පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සුදානම් වෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දු වික්‍රමසිංහ පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට හා විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ සම්බන්දයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන බවයි.


Sep
29

ඉන්දියාවටත් දැඩි ගංවතුර

Generic placeholder image

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරින් ඉන්දියාවේ උත්තර් හා බිහාර් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල අහි අතර 50 කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර මාර්ග බොහොමයක් සහ පහත බිම් ප්‍රදේශ […]


Sep
29

සිඩ්නිහි නුවරදී අද 20යි 20 තරගයක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිඩ්නි නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුය.


Sep
29

එජාපයේ ආදර්ශය ගැන වීරකුමාර පහදයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව සමග කරන සාකච්ඡා සාර්ථක නොවුනොත් සිය පක්ෂය ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනතිවරණය සදහා පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු […]


Sep
29

19 වන දිනටත් රණවිරුවන් මහ මග

Generic placeholder image

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කරන ලද විරෝධතාවය අද 19 දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙනවා. මේ අතර මාරාන්තික උපවාසයක නිරත වූ රණවිරුවන් 05 දෙනෙකු ඊයේ දිනයේ එම මාරාන්තික උපවාසය අත් හැරිය අතර ඔවුන් වෙනුවෙන් එම බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත මහතා ඊයේ පස්වරුවේ සිට මාරාන්තික […]


Sep
29

තද වැසි හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළට

Generic placeholder image

කලූ / නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කලූ ගගේ ජල මට්ටම මිලලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතර ගග දෙපස පහත්බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් සුලූ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා ගගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර […]


Sep
29

සෞදි භට පිරිසක් යටත් කරගත් බව හූර්ති කැරළිකරුවන් කියයි

Generic placeholder image

සෞදි – යේමන් දේශසීමාව ආසන්නයේ සිදුකළ ප‍්‍රහාරයකින් පසු සෞදි හමුදාවේ භටයින් විශාල පිරිසක්් තම භාරයට ගත් බව හූර්ති කරුලිකරුවන් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සෞදි බලඇණි 03 ක් නජ්රාන් නගරය ආසන්නයේදී හූර්ති කැරළිකරුවන්ට යටත්වී ඇති බවයි. නමුත් මේ පිළිබඳව සෞදි රජය මෙතෙක් තහවුරු කර නැහැ. හූර්තිි කැරළිකරුවන් පවසා ඇත්තේ සෞදි හමුදාවන්ට ජීවිත හා යුධ […]


Sep
29

සාම සාධක මෙහෙයුම් වල ශ‍්‍රී ලංකා භට පිරිස් සියයට 25 කින් අඩු කෙරේ

Generic placeholder image

ජගත් සාම සාධක මෙහෙයුම් වල නිරත ශ‍්‍රී ලංකා භට පිරිස් වලින් සියයට 25 ක් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිලිබද වැඩබලන ලේකම් ජෝන් පියරේ විසින් නිව්යෝර්ක් නුවරදී විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට මේ බව දැනුම් දුන් බවයි. අදාළ සෙබලූන් පිරිස දැනට ලෙබනනයේ […]


News Articles
Latest Videos
Most Popular Post