පොහොට්ටුව සළතුණ යටතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාගතවීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සමුලූවට ඊයේ පස්වරුවේ එක්වෙමින්. ” 1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී […]
ගිනියා රාජ්‍යයේ ජනාධිපති පුත‍්‍රයාට අයත්ව තිබූ අති සුඛෝපභෝගී ස්පෝට් මාදිලියේ මෝටර රථ පෙළක් ස්විට්සර්ලන්තයේදී වෙන්දේසි කර තිබෙනවා. මෙම මෝටර් රථ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ඔහු සම්බන්ධයෙන් සිදු කරන දූෂණ චෝදනා පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ගිනියා ජනපති පුත‍්‍රයාට අයත් මෝටර් රථ 25ක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. ඒවායේ සම්පූර්ණ වටිනාකම යූරෝ […]
ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන එක් දින තරගය අද පැවැත්වෙනවා. ඒ කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදීයි. දිවා රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කරච්චි නගරයට ඇද හැලූනු අධික වර්ෂාව හමුවේ තරගය අද දක්වා කල් දැමුවා. දෙරට අතර පළමු එක්දින තරගය ද අත්හැර දැමුනේ […]
ජනාධිපතිවරණය සදහා තැපැල් ඡුන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. තැපැල් ඡුන්ද අයදුම් කිරිම සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් අද දින තුළ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතු බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. තැපැල් ඡුන්ද විමසීම ලබන ඔක්තෝම්බර් 30 සහ 31 වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයන් […]
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැුස්වීමක් අද පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක […]
රාජ්‍ය සේවයේ වැටුප් ගැටලූව විසදීම සදහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද සාකච්ඡුාවක් කැදවා තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ පස්වරු 1 යි 30 ගුරු විදුහල්පති වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැදවා ඇති බවයිි. වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු […]
නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ අගයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. නිල්වලා ගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා. අදාළ ගංගා දෙපස පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක […]
මෙවර ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් සමත් වුණා. ඒ ඊයේ පැවති 2019 මලල ක්‍රීඩා තරගවලියේ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දින ගනිමින්. ඒ අනුව අඩුම කාලයකින් වැඩිම වේගයෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් පෙන්වීමට එහිදී සමත් වුණා.
පවතින ආපදා තත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයදී පිහිනීමට නොදන්නා අයට දියේ ගිලෙන් නැතුව ජීවිතය බේරගන්නා ආකාරය පිළිබද විශේෂ පුහුණු වැඩ සටහනක් පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සුදානම් වෙනවා. එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දු වික්‍රමසිංහ පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට හා විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ සම්බන්දයෙන් විශේෂ දැනුවත් කිරීමක් සිදු කරන බවයි.
අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරින් ඉන්දියාවේ උත්තර් හා බිහාර් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල අහි අතර 50 කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර මාර්ග බොහොමයක් සහ පහත බිම් ප්‍රදේශ […]
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිඩ්නි නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුය.
ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව සමග කරන සාකච්ඡා සාර්ථක නොවුනොත් සිය පක්ෂය ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනතිවරණය සදහා පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු […]