පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර ඒ සදහා සහභගි වීමට නොහැකි අන්තර්ජාල පහසුකම් නොමැති දුරකතන නොමැති සිසු දරුවන් සදහා ඊ තක්සලාව මධ්‍යස්ථාන 1000 ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ සදහා වන ඩේටා පහසුකම් නොමිලේ ලබාදීම සිදු කෙරනවා. ඒ අනුව පාසල් තුල එම මධ්‍යස්ථාන […]
අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මහව සහ කුරුණෑගල යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ. බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රියදුරු නින්ද යෑම නිසා […]
සැත්කමක් සඳහා පසුගියදා රෝහල්ගත කෙරුණු අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිලිබදව වතිකානුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් මේ වන විට පසුවන බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ජූලි 19, 20 දින සිදු කරන බව අද පැවැති පක්ෂ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
පිලිපීනයේ ගුවන් හමුදාවට අයත් යානයක් පිලිපීනයේ දකුණුදිග ප්‍රදේශයේ ජොලෝ දූපත් ආසන්නයේ දී ගුවන් යානය ගොඩබැස්වීමට සූදානම් වන අවස්ථාවේ දී කඩා වැටීමකට ලක් වුණා. ගුවන යානය කඩා වැටුණු අදාල ස්ථානය අබුසයිෆ් නම් කැරළිකරුවන්ගේ බලකොටුවක් ලෙසද හැදින්වෙනවා. කෙසේ වෙතත් මෙම අනතුරෙන් මේ වන විට සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 50 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා […]
2021 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම අද සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව(online) ක්‍රමය ඔස්සේ පමණක් ලබන 30 වනදා දක්වා රජයේ මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට ඉල්ලුම්පත්‍ර යොමු කළ හැකි.
ඇහැලියගොඩ පත්බේරිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. පහරදීම සිදු කල පුද්ගලයා ද නිවසට ගොස් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවයි පැවසෙන්නේ.
පෙරේදා දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර තවත් කොවිඩ් මරණ 45ක් ඊයේ දිනයේ වාර්තා කර තිබෙනවා. අදාල නිවේනදය පහතින්,
මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇති. මේ අතර සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම විධිමත් කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔ්නෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීම සදහා […]
ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන තිබෙන අතර එයින් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000 ක් මෙරටට මෙලෙස හිමිව තිබෙනවා. අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට මෙම එන්නත ලැබුණු පළමු අවස්ථා ලෙසද මෙය සැලකෙයි.
අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර (710) කොටස මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. දිවයිනෙ සෙසු පළාත් වල තැනින් තැන […]