News Line| Off Air
Generic placeholder image

Jun
18

AGT 2% කතාවට වැඩියෙන්ම රිදුනෙ අපිට

Generic placeholder image

අපි හැමෝම මේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශාරීරික හා මානසික වැටිලා ඉන්න මොහොතක, රටක් වශයෙන් ද කඩා වැටි ඇති පසුබිමක , ඒ නිසාම හිතේ අතෘප්තියෙන් ඉන්න අපි හැමෝම අහන්න ඕන කතාවක් තමයි අද මේ කියන්නේ…


Jun
18

සංචරණ සීමා ඉවත් කිරීම පිලිබදව යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කෙරෙන අතර දිවයින පුරා ක්‍රියාත්මකවන සංචරණ සීමා තහනම ඉවත්කිරිම පිළිබද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කලේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ […]


Jun
18

විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.


Jun
18

දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරෝනා

Generic placeholder image

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට ‘කොවිඞ්’ රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය. දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී […]


Jun
18

පවතින සංචරණ සීමාවන් ජුනි 21 වෙනිදා ඉවතට

Generic placeholder image

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් නැවත ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.


Jun
18

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට සුදානමක්

Generic placeholder image

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිත ව තිබෙනවා. මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.


Jun
18

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරයින් සොයා යන ඉන්දු – නවසීලන්ත අවසන් මහා තරගය අදයි

Generic placeholder image

ICC ටෙස්ට් ක්‍රිකට් ලෝ ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී. 2019 වසරේ අගෝස්තු 01 වැනි දා සිට පැවැති තරගවලදී කණ්ඩායම් දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඉන්දියාව සහ නවසිලන්තය මෙම තරගය සදහා සුදුසුකම් ලැබුවා.


Jun
18

බලන්ගොඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Generic placeholder image

බලන්ගොඩ – ඇල්ලෙවත්ත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල බස් රථය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරන අතරතුර සේවකයින් නිවෙස් වලට රැගෙන ගොස් නැවතත් එමින් සිටියදී මෙම සිදුව ඇත්තේ.


Jun
18

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2372 ක් අලුතින් හදුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන562ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ පහතින්,


Jun
18

ඊයෙත් නිරෝධායන රීති කැඩූ පිරිස 1,390ක්

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙන් වන අතර එම ගණන 192ක්. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත්ව ඇති මුළු සංඛ්‍යාව 38,311ක් වේ.


Jun
18

කොවිඩ් මරණ 51ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 51ක් ජුනි 16 වනදා තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2,425 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Jun
18

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post