News Line| Off Air
Generic placeholder image

Jun
1

මේ දක්වා නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

Generic placeholder image

නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස ගෙවුණු පැය 24දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගණන 1,047 ක්. ඉකුත් මාස 14ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල සමස්ත පිරිස 19,102ක් බවයි පොලිසිය සදහන් කරන්නේ. ඒ අතරීන් එක් දිනකදී නිරෝධායන නීති උල්ලංඝනය වැඩිම පිරිස ඊයේ වාර්තා වුණා.


Jun
1

කොවිඩ් ප්‍රභේද වලට ලැබුණු අලුත් නම් මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසයේ ප්‍රභේද හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නව හදුන්වාදීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය – “ඇල්ෆා” දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙස මෙලෙස අලුතින් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එක් එක් රටවල් වලින් හමු වූ වෛරස් ප්‍රභේද […]


Jun
1

ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,912ක් හදුනා ගැනුණු අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 490 ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260දෙනෙකු වාර්තා වී තිබේ.


Jun
1

කොරෝනා අසාදනය වී මිය ගිය තවත් මරණ 43ක් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා අසාදනය වී මිය ගිය තවත් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
1

ධීවරයින්ට පණිවිඩයක්

Generic placeholder image

දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට ධිවර කටයුතු සදහා අවසර ලබාදී ඇති බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.


Jun
1

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.


May
31

එළවළු හා පළතුරු ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර

Generic placeholder image

එළවළු හා පළතුරු ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. ආර්ථික මධ්‍යස්ථාන ද ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.


May
31

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පිරිස 151,740 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


May
31

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

Generic placeholder image

මහ මැතිවරණයේ දී හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කලේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.


May
31

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා දිගු කෙරේ

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


May
31

වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීම තාවකාලික අත්හිටුවයි

Generic placeholder image

වියට්නාමයේ සංචාරය කර ඇති සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබෙන වාර්තා වෙනවා. එම තහනම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.


May
31

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

Generic placeholder image

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා. ඒ අනුවමැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post