News Line| Off Air
Generic placeholder image

May
4

උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි

Generic placeholder image

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.  ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි


May
4

IPL තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරේ

Generic placeholder image

2021 අයි පී එල් තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.අයි පී එල් සභාපති බ්‍රිජෙස් පාටෙල් මේ පිළිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.


May
4

සා /පෙළ , උසස් පෙළ විභාග පවත්වන මාසයන් වල වෙනසක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2023 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය , අගෝස්තු මාසයේදීත් , උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළා.


May
4

ඊයේ හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1923 දෙනෙකු හදුනාගත් අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 529 කි. ආසාදිතයින් හමු වූ ප්‍රදේශයන් මෙන්න…


May
4

දිවයින පුරා තැපැල් කාර්යාල 32ක් වසා දැමෙයි

Generic placeholder image

‍කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා. ඒ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ


May
4

PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර ගනී

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහාරජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.


May
4

බිල් ගේට්ස් සහ මෙලින්ඩා 27 වසරක විවාහ දිවියට සමු දීමට තීරණය කරයි

Generic placeholder image

බිල් ගේට්ස් – මෙලින්ඩා ගේට්ස් සිය අවුරුදු 27ක විවාහ දිවියට සමුදීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සිය ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, තවදුරටත් එක්ව ජීවත් විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවයි. 1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදු වූ අතර දරුවන් තිදෙනෙකු එම දෙපලට සිටි. 1970 දශකයේදී ආරම්භ කරන ලද ලොව විශාලතම […]


May
4

අවුරුදු කොවිඩ් පොකුර වාර්තාගත ලෙස ඉහළට – ඊයේ පමණක් ආසාදිතයින් 1, 923ක්

Generic placeholder image

ඊයේ දිනයේ පමණක් මෙරටින් නව ආසාදිතයින් 1,923 ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 14,771 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සදහන් කළා.


May
4

උසස් පෙළ ප්‍රතිඵල අද

Generic placeholder image

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.


May
4

තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබෙනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේවිල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය. කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය. ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත […]


May
3

දිවයිනේ සියලු සත්වෝද්‍යාන වැසේ

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දිවයිනේ උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සියලු සත්ත්ව උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.


May
3

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා. තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6ක් , එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post