News Line| Off Air
Generic placeholder image

Apr
5

ප්‍රංශය තෙවැනි වරටත් වැසෙයි

Generic placeholder image

ප්‍රංශය තුල නැවතත් කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග එරට තෙවැනි වරටත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට එරට රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අනුව මාසයක කාලයක් ප්‍රංශය සම්පුර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Apr
5

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදීම අරඹයි

Generic placeholder image

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. ඒ අනුව එම එන්නත චීන ජාතිකයින්ට පළමුව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කෙරුණා.


Apr
5

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවයි

Generic placeholder image

දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනව. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි. මේ වසර තුල රිය අනතුරු හේතුවෙන් මහමගට මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් බිලි වී තිබෙනවා.


Apr
5

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා […]


Apr
4

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවර

Generic placeholder image

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරනවා.


Apr
4

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගනී

Generic placeholder image

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Apr
3

ගම සමග පිළිසඳර අද ජනපති ප්‍රධානත්වයෙන් උතුරේදී

Generic placeholder image

උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමිහමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ. මෙය “ගම සමග පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ […]


Apr
3

පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙක් මරුට

Generic placeholder image

අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරිමකින් අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පුද්ගලයෙකු මිය ගොස් තිබේ. තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


Apr
3

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තද සුළං ඇති […]


Apr
2

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

Generic placeholder image

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ. එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු […]


Apr
2

පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Generic placeholder image

පාස්කු ඉරිදාවට සමගාමීව ඉදිරි සතිය තුළ පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළට යුද හමුදාවේ පූර්ණ සහාය දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව සියලු ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට මේ සම්බන්ධව උපදෙස් දී ඇති බවත් තම ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනයක් කර පොලිසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙසත් තමන් දැනුම් දුන් බව […]


Apr
2

මහ සිකුරාදා දිනය අදයි

Generic placeholder image

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ. ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් මෙම දිනයේදි සිදු කරනු ලබනු ඇත. ඒ සඳහා සියලු කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කිතු දහමේ සම්ප්‍රදායයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු […]


News Articles
Latest Videos
Most Popular Post