News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මන්ත්‍රී රන්ජන් ගැන අභියාචනාධිකරණ දුන් නියෝගය

Generic placeholder image

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝග කර තිබෙනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් හෙට (12) දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය පසුගිය 5 වනදා ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.


Feb
11

ජනපති පාර්ලිමේන්තුවට එයි

Generic placeholder image

අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10.15ට පමණ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගැබට පැමිණියා.


Feb
11

බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දෙයි

Generic placeholder image

e-ticketing සංකල්පය යටතේ බස් රථ ප්‍රවේශපත්‍ර වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව අදාළ කාඩ් පතට රීලෝඩ් මගින් මුදල් බැර කර පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා ගෙවීම් කළ හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.


Feb
11

මෙරට සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් ?

Generic placeholder image

මෙරට පවතින කොරෝනා තත්ත්වය සැලකීමේදී සෑම කොරෝනා රෝගියෙකුගෙන්ම තවත් ආසාදිතයෙකු බිහිවීමේ අවදානමක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එය කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් නොවන බවත් සෑම කොරෝනා රෝගියෙකුටම වෙන් වූ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු තවදුරටත් විධිමත්ව සිදු කෙරෙන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ.


Feb
11

රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

Generic placeholder image

2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Feb
11

බන්ධනාගාර ආරක්ෂාව සදහා යළිත් STF යොදවයි

Generic placeholder image

පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් දුරස්ථව සිටි විශේෂ කාර්යය බලකාය නැවතත් ඊයේ දින සිට ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් වරයා සදහන් කරනවා. මේ අනුව මෙහිදී වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම්, නිලධාරීන් සෝදිසි කිරීම් යන කාර්යයන් සඳහා විශේෂ කාර්යය […]


Feb
11

අමාත්‍ය සී.බී රත්නායක කොවිඩ් එන්නත ලබා ගනී

Generic placeholder image

වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක මහතා ඊයේ (10) දිනයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබාගත් බව වාර්තා වෙනවා.


Feb
11

දුම්රිය ස්ථානාධිපතිවරුන් අධීක්ෂණ රාජකාරී වලින් ඉවත් වෙයි

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවයි.


Feb
11

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Feb
10

කොවිඩ් ආසාදනය වී තවත් පස් දෙනෙකු මියයයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තවත් පස් දෙදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 5, වත්තල, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක්. ඔවුන් අවුරුදු 51ත් 75ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන […]


Feb
10

තවත් ආසාදිතයින් 416ක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 955 දෙනෙක් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනයේ ද දෛනික ආසාදිත සංඛ්‍යාව 900 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 975ක් ලෙසයි.


Feb
10

සුමාත්‍රාවල භූ චලන තුනක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ භූ චලන තුනක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වී ඇති බවයි. එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසින්. ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූ චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2ක්. අනෙක් භූ චලනය ද ඊට […]


News Articles
Latest Videos
Most Popular Post