බස්නාහිර පළාතෙන් පිටව යෑමට උත්සහ කල පුද්ගලයින් 13 දෙනෙකු කොරෝනා ආසාදිත බව ඔවුන්ට සිදු කල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ දිනයේ හදුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට බස්නාහිරෙන් පිටවන පිරිසට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 අතරින් කොරෝන ආසාදිතයින් ගණන 74 දෙනකු හදුනා ගෙන තිබෙන බවයි පොලිසිය සදහන් […]
ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණයක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගියේ, වැල්ලම්පිටියේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි. එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 වැනිදා […]
එංගලන්තයේ හමු වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකින්ම වාර්තා වී තිබෙනවා. මේ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ද මෙම වෛරස් ආසාදිතයින් හදුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම වෛරස් ආසාදිතයින් හය දෙනකු පමණ එරටින් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා හුදකලා කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පස්වරු 7.00 ට ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිත අතර පවතින දේශපාලන තත්වය පිලිබදව මෙහිදී වැඩි දුර සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඒ පිලිබදව අදහස් දක්වමින් සඳහන් කළේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම […]
උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර […]
බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය. මෙවර සිරිපා වන්දනා සමයත් අදින් ආරම්භ වන අතර පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33,221ක් දක්වා ඉහළ ගියා.
කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙකුගේ සිරුර මදුරු දැල් ආධාරකයක එල්ලෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා. එම සිසුවා, 6 හැවිරිදි සිය සහෝදරිය සමග නිවසේ සිට ඇති අතර ඔවුන්ගේ පියා සහ සුළු මව එම අවස්ථාවේ එහි සිට තිබුණේ නැහැ. සුළු මව නිවසට පැමිණෙන අවස්ථාවේ 12 හැවිරිදි සිසුවා නිවසේ නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී කාමරයක මදුරු දැලේ ආධාරකයේ […]
කොරෝනා දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලම්න් පසුගිය දින කිහිපය තුළම ඇතැම් ප්‍රදේශයන්හි මුස්ලිම් ජනතාව උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ අතර කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි වැඩ්දුරටත් සදහන් වන්නේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව […]
ඊශ්‍රායාලය යළිත් වරක් සති තුනක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ලබන මාර්තු මාසය වනවිට කොරෝනා වෛරසයෙන් මිදීම අරමුණුකර ගනිමින්. මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ කටයුතු ද කඩිනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකි […]
සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මීට ටික වේලාවකට පෙර ළගා වුණා. ඒ, යුක්‍රේනයේ සිටයි. එම සංචාරකයින් පිරිස දින 14ක පමණ කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ කෙරුණා.