මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස අද අධිකරණය නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මින් පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් […]
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස්දෙනෙකුට අද අධිකරණය ඇප නියම කළා. ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්. එම ඝාතනයට අදාළ නඩුව අද මඩකලපුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා නියෝගකර ඇත්තේ, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා […]
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “නිවාර්” සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම සුළි කුණාටුව ඉදිරි පැය 36ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ […]
පස්සර පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉකුත් දා පස්සර පොලිස් ස්ථානයට කොරෝනා අසාදිතයෙකු පැමිණීමයි.
මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මේ වන විට මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබෙනවා. ලෝකයේ රටවල් 218 කින් කොරෝනා මරණ වාර්තා වන අතර තවමත් වැඩිම මරණ වාර්තා වන්නේ අමෙරිකාවෙන් වාර්තා වන අතර එරට වාර්තා වන මරණ ගණන 263,687 කි.
ඊයේ මෙරට හදුනා ගත් කොරෝනා ආසාදිතයින් ගණන 337 ක් වන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 189 ක් ලෙස සදහන් වෙනවා. මෙරට දෙවන කොරෝනා රැල්ලේ මේ දක්වා හදුනාගත් ආසාදිතයින් ගණන 16 , 978 ක් වන අතර මෙරට පළමු කොරෝනා අසදිතයා හදුනාගත් දින සිට මේ දක්වා සමස්ත මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 20, 508 […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අද පෙරවරුවේ ය.
හෙට දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව කටාර් රාජ්‍යයේ රැඳී සිටි 138 දෙනකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 50 දෙනෙකු මෙලෙස අද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
කොරෝනා ආසාදිත පොලිසියේ නිලධාරීන් ගණන 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වනවා.
ගත වූ පැය 24 කාලය තුළදී මුහුණ ආවරණ නොපැළදි 62ක් පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා. ඉකුත් දා 30 දින සිට අත්අඩංගුවට පත් සමස්ත ගණන 527ක් වන අතර මේ සියලු දෙනාට නිරෝධායන රීතීන් ට අනුව කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.