කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ මව්වරු හා ළමුන් 46 දෙනෙකුටත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 10 දෙනකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ සියලු රෝගීන් ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත යවා තිබෙන බව වැඩි දුරටත් සදහන්.
ඉඩම් නොමැති රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්‍ද්‍රසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් සදහන් .
ඉකුත් 01 වෙනිදා කොරෝනා ආසාදිතව සිටි රෝගියෙක් හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබා සුව වී නැවත නිවසට ඒමට අද දිනයේදී සුදානම් වී සිටින අතර තුර එම පුද්ගලයා හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. 46 හැවිරිදි වියේ පසු වූ අදාල පුද්ගලයා කැළණිය, හෙට්ටිගොඩ […]
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරන ලැබූ pcr පරීක්ෂණයන්ට දිනකට වැය වන මුදල රුපියල් මිලියන 60 ක් බව වාර්තා වෙනවා. ඊයේ දිනය තුල 7986 ක් සිදු කර ඇති අතර මෙරට ඊයේ දිනය වන විට සිදු කර තිබු සමස්ත PCR පරීක්ෂණ ගණන 610,836ක්.
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ නිලධාරීන් 92 ක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සදහන් වෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලීස් නිලධාරීන් 150 දෙනෙකු නිරෝධායන වෙමින් සිටි අතර එයින් 97 කට කොරෝනා ආසාදනය වී තිබෙන බව සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් හදුනාගෙන තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් සිය අමෙරිකානු ජනතාවට සදහන් කරන්නේ සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි. ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් නම් කිරීමට නියමිතව තිබෙන අතර තමාගේ පලමු කාර්ය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යප්තියට එරෙහිව කටයුතු කිරීම බවයි පැවසෙන්නේ.
12 හැවිරිදි පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බව ඊයේ හදුනාගෙන තිබෙනවා. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට කොරෝනා ආසාදිත බව හදුනාගෙන ඇත්තේ අහඹු ලෙස ගත් පුද්ගලයින් 163කට සිදුකළ PCR පරික්ෂනයකදීය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආසාදිතයෙකුගෙන් නිවසේ පැවැති දානමය පිංකමකට මෙම දැරිය සම්බන්ධ වී තිබෙන අතර එහිදී ඇයට මෙම වෛරසය ආසාදන වන්නට ඇති බවයි වාර්තා වන්නේ.
ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුට හා හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මේ වන විට එම පිරිස ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික ජනතාවට සිය නොවැම්බර් මස විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යාමට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදැනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොලීසියට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම මස විශ්‍රාම වැටුප් දිනය යෙදෙන අද දිනයේ මෙන්ම […]
කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන අරමුණු කර ගනිමින් බස් ධාවකයින්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට පහත සදහන් ගාස්තු වලින් බස් ධාවකයින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු , ලොග් පත්‍ර ගාස්තු , […]
මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවද තවදුරටත් පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. ඇදිරි නීතිය සහ ප්‍රදේශ හුදකලා කිරීම පිලිබදව ජනතාවට නිවැරදි පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඒ පිලිබදව ඇතුලත් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. එම නිවේදනය පහතින්,
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 356 දෙනකු වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 ක් , කළුතරින් ආසාදිතයින් 28 ක්, රත්නපුරින් ආසාදිතයින් 8 , මහනුවරින් ආසාදිතයින් 7 ,මඩකලපුවෙන් ආසාදිතයින් 6 , කුරුණෑගලින් ආසාදිතයින් 04, මාතරින් ආසාදිතයින් 03 ගාල්ලෙන් ආසාදිතයින් 02 , අනුරාධපුර […]