මේ වන විට ශ්‍රී ලංකාව පුරා කොරෝනා වෛරසය හිස ඔසවමින් පවතින පසුබිමක එය පාලනය කිරීම සදහා නිරෝධායන ඇදිරි නිතිය මේ වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකව තුල මේ දෙවන කොරෝනා රැල්ලට හේතුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආරම්භය කෙසේ වුයේද සොයා ගැනීමෙන් අනාවරණය කරගත හැකි බවයි පැවසෙන්නේ. මේ අනුව […]
කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇදිරි නිතිය පනවා තිබීම හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.
2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ අවම ඉසඩ් ලකුණු විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ වසරේදී සිසුන් සංඛ්‍යාව 41,500ක් විශ්ව විද්‍යාල […]
කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ ඊයේ දිනය තුල පමණක් මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 351 ක් බවයි. එයින් 211 ක් කොළඹින් වාර්තා වී ඇති අතර ඔවුන් හමු වූ ප්‍රදේශ වන්නේ, ආසාදිතයින් 159 දෙනෙකු කොළඹ නගරයෙන්ද, 32ක් මට්ටක්කුලියෙන්ද, මෝදර ප්‍රදේශයෙන් 03ක්, බොරැල්ල 07 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් 02ක්, කිරුලපොන 03ක්, දොම්පේ 04ක්, […]
පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණයට ලක් කිරීමට හේතුවෙන් දින දෙකක කාලයක් සදහා පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගන්නා බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු stf 11 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් කැලණිය කළුබෝවිල, රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකායේ කදවුරු 03 ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. කඳවුරුවල මුළුතැන්ගෙය සඳහා මාළු ලබා ගැනීමට පෑලියගොඩ මාළු ය වෙළෙඳපොළ වෙත ගිය පිරිසක් හරහා මෙම වෛරසය අදාල […]
තව දුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හට අද දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබෙනවා. ඒ අද උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන දක්වා.
මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70 පමණ පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වන්නේ.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථ අසාදිත ගණන 4,400 දක්වා ඉහල ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත අසාදිත ගණන 7,875ක් දක්වා වැඩි වී තිබෙනවා. ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 351 ක්.
ඊයේ(24) දිනයේ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද තාවකාලිකව වසා දමනු ලැබිණි. ඒ කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6ක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගෑනිමත් සමගයි. මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බව කළුබෝවිල රෝහලේ […]
අද සවස 06.00 සිට කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 4 කට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නිතිය පනවා තිබෙනවා. ඒ කොටුව , පිටකොටුව , බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ වලටයි.
පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හෙට දිනයේ ඉවත් නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ අනුව හෙට දිනයේ ඇදිරි නිතිය ඉවත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල, පයාගල සහ අළුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට පමණයි. කෙසේ වෙතත් ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින ජනතාවට අතවශ්‍ය ආහාර […]