රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය නිවේදනය කරනවා. පනවා තිබෙන සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැළකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම, ආයෝජන, අපනයන හා සංචාරක යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වීමට මෙරට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එහිදී ස්විට්සර්ලන්ත තානාපතිවරයා අගයකර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ රට වසා […]
දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනාධිපති කොමිසම මඟ හැර සිටි පිරිසක් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් නම් කරනු ලැබ තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර, මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඊට ඇතුළත්. එමෙන්ම අල්ලස් හෝ […]
මහරගම නගර සභාබල ප්‍රදේශයනේ කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, නාගහවත්ත, පන්නිපිටිය, වීරමාවත, පතිරගොඩ, ජනතා මාවත, නාවින්න, ඇරැව්වල, ඇඹුල්දෙණිය සහ ජයගත් පාර යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සහ වරාය සේවකයින්ගේ දෙවන පෙළ ආශ්‍රිතයින්. අදාළ පුද්ගලයින් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින් […]
කොළඹ පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතු කොටගෙන ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද ධාවනය අද සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක්, ඒ අනුව ගාල්ල […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්වරිය පැවසුවේ, අදාළ කාල වකවානුව තුළ දඩ මුදල් අය නොකිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.
පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ugc.ac.lk වෙත පිවිසීමෙන් එම කඩඉම් ලකුණු ලබා ගත හැකියි.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් මේ දක්වා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 1545දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 799 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින්. සෙසු ආසාදිතයින් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඊට අමතරව බේරුවල, ගාල්ල, […]
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය අතරතුරදී පොම්පෙයෝ මහතා මෙරට රාජ්‍ය නායකයින් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර […]
මිරිහාන පොලිස් ස්ථානයේ භෝජනාගාර සැරයන්වරයකුට කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනීමත් සමග ඔහු රාජකාරි කල බැරැක්කය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් භෝජනාගාරයේ මුළුතැන්ගෙයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට අදාල නිලධාරියා පෑළියගොඩ මාළු වෙළෙඳසැලට ගොස් ඇති බවයි කරුණු අනාවරණය වන්නේ.
රත්නපුර, මල්වල, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ මාත්ස්‍යය වෙළෙන්දෙකුගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් තීරණය කළා. ඒ අනුව එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති අතර එම ගම්මානවලට දැඩි සංචරණ සීමාවන් පනවා තිබෙනවා. එමෙන්ම රත්නපුර […]
මෙහිදී අදාල පුද්ගලයා ගේ නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මගින් මෙම පරීක්ෂනය සිදු කරනු ලබන අතර විනාඩි 12වැනි පොඩි කාලයකින් ආසාදිත වාර්තා පිලිබදව තොරතුරු දැනගත හැකි වෙනවා. මෙහිදී රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පවා හදුනා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.