News Line| Off Air
Generic placeholder image

Oct
19

රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට

Generic placeholder image

දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Oct
18

ගම්පහට අනිද්දා සිට රුපියල් 5000 දීමනාව

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමට ලක්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබන අගහරුවදා සිට ලබා දීම ආරම්භ කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරන්නේ. ඒ එම වැඩසටහනේ පළමු අදියර යටතේයි.


Oct
18

නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

Generic placeholder image

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලිනුයි මේ බව හදුනාගෙන තිබෙන්නේ.


Oct
18

නවසීලන්තයේ ජැසින්ඩා දෙවන වරටත් අගමැති ධුරයට

Generic placeholder image

නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩර්න් අග්‍රාමාත්‍ය ධූරයට දෙවන වරටත් පත්වී තිබෙනවා. ඒ විශිෂ්ට ජයක් අත් කර ගනිමින්. ඒ අනුව ඇයගේ පක්ෂය එම ජන්දයෙන් පක්ෂය 49% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුණා. ඇයද එරට තුලව ව්‍යප්ත වෙමින් තිබු කොරෝනා වෛරසය සාර්ථකව මැඩලීම සදහා ප්‍රශංසනීය වැඩපිළිවෙළක් දියත් කල අතර මෙයද එම ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.


Oct
18

කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොරෝනා අසාදනය වී තිබෙන බව වාර්තා වනවා. මේ අනුව ඔවුන්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි වැඩි දුරටත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ.


Oct
18

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Oct
17

පී.සී.ආර්. වාර්තාවක් වැරදි කොරෝනා ඇති බව කියූ තරුණයෙක්ට කොරෝනා නැති බව නැවත දැනුම් දෙයි

Generic placeholder image

මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඔහු මහනුවර පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් ලබා ගත් පිසීආර් වාර්තාවක් මගින් ඔහුට දැනුම් දී තිබු අතර එහිදී ඔහුව ලග්ගල රෝහලට ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා. කෙසේ වෙතත් දෙවන වර සිදු කරනු ලැබූ පීසීආර් පරික්ෂණයට අදාල වාර්තාවෙන් එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමග අදාල රසායනාගාර […]


Oct
17

ගම්පහට ඇදිරි නීතිය දිගටම

Generic placeholder image

මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා තිබෙන නිරෝධායන ඇදිරි නිතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බල පැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ. මේ අනුව ඇදිරි නීතිය කඩ නොකර හැකි තාක් ඒ ප්‍රදේශ වල ජිවත් වන ජනතාව නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසද ඒ මහතා […]


Oct
17

මුඛ ආවරණ නොපැලඳ සිටි 50 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

මේ වන විට පවතින තත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ නොපැලඳ සිටි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සිටි පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම දඹුල්ල පොලීසිය, මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව සිදු කර ඇති අතර පසු ගියදා මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු සැරිසැරූ බවට තහවුරු වීම නිසාත් එහිදී සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂාවලින් රෝගීන් […]


Oct
17

මිනිත්තු පහකටත් අඩු කාලයකදී කොරෝනා හදුනාගත හැකි ඇන්ටිජෙන් පරීක්ෂණයක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හදුනාගත හැකි වේගවත් ඇන්ටිජෙන් පරීක්ෂණයක් පර්යේෂක පිරිසක් විසින් අත් හදා බලා තිබෙනවා. මේ අත් හදා බැලීම සිදු කර තිබෙන්නේ ඔක්ස්ව්ර්ඩ් සරසවියේ පරීක්ෂක පිරිසක් විසින්. මේ අනුව අන් වෛරස වලින් කොරෝනා වෛරසය හදුනාගත හැකි ලාභදායි ඉතා නිවැරදි වේගවත් පරීක්ෂණයක් සිදු කර ගත හැකි බවයි අවදාරණ වන්නේ. 2021 වසරේ මුල් කාලය වන විට මෙය […]


Oct
17

CID අධ්‍යක්ෂ කට මාරුවක්

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබෙනවා. මේ අතර හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ශ ලෙස පත්කර යවා තිබෙනවා. මේ අතර රිශාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පසුගියදා නීතිපතිවරයා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශ වරයාට සිය අප්‍රාසාදය පළ කළා.


Oct
17

මාකඳුරේ මධූෂ්ගේ හෙළිදරව්වකින් පසු කොටිකාවත්තෙන් සොයා ගත් දේ

Generic placeholder image

කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, රැඳවුම් නියෝග මත සිටින මාකඳුරේ මාධුෂ් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරුවලට අනුව එම හෙරොයින් තොගය සොයාගත් බවයි. සමසරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මෙරට තුළ සිදු වූ සංවිධානාත්මක අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට […]


News Articles
Latest Videos
Most Popular Post