News Line| Off Air
Generic placeholder image

Oct
5

කොරෝනා ආසාදිත කාන්තාව සමග සේවය කළ අයෙක් මොණරාගල ප්‍රදේශයෙන් හමුවෙයි

Generic placeholder image

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ සමග සේවය කල අයෙක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන පරිදි සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගෙන එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ තිබෙන බව වැඩි දුරටත් වාර්තා වන්නේ. මෙම සේවිකාවද PCR පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර ඊට අදාල වාර්තාව අද සවස නිකුත් වීමට […]


Oct
5

තෙවන කොරෝනා බලපෑම

Generic placeholder image

තෙවන කොරෝනා බලපෑම දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෙෙරසය අසාදිත 39 හැවිරිදි කාන්තාවක් ඊයේ හදුනා ගත්තා. ඒ අනුව ඇයගේ 16 හැවිරිදි දියණිය ද පී.සී.අාර්. පරීක්ෂණයට ලක් කළ අතර අැයට ද වෙෙරසය අාසාදනය වී අැති බව ඊයේ පස්වරුව වනවිට තහවුරු වුණා. අදාළ කාන්තාවෙග් ස්වාමිපුරුෂයා,  පුතුන් දෙදෙනා මෙන්ම අැය සේවය කළ අැගළුම් කම්හලේ ස්වකයින් 1400කට අධික  […]


Oct
5

ඇඟලුම් කම්හලේ තවත් 69කට කොරෝනා

Generic placeholder image

දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ,ඇසුරු කල පුද්ගලයින් 69 දෙනකුට මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


Oct
5

නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා

Generic placeholder image

ඉන්දියාවෙන් මෙරටට පැමිණ සිටි මුහුදු ආරක්ෂකයින් 14දෙනෙකු ගාල්ල දෙවට ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරික්ෂණවලදී ඉන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන අතර ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙනවා.


Oct
5

විභාග නැවතත් කල් යයිද ?

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක බාහිර සමාජයෙන් වාර්තා වීමත් සමග නැවතත් කොරෝනා අවදානමකට සමාජය ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පැවැත්වීමට නියමිත උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලිත් කල් දැමීමක් පිලිබදව මේ දක්වා තීරණය කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් සදහන් කරනවා.


Oct
5

ඇදිරි නිතිය තව දුරටත් – උල්ලංඝනය කලොත් වැඩ වරදී

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ දිනයේදී දිවුලපිටිය , මිනුවන්ගොඩ , වේයන්ගොඩ යන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නිතිය පනවනු ලැබුවා. පොලීසය සදහන් කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නිතිය අදාල ප්‍රදේශ වල ක්‍රියාත්මක වන බවයි. මේ වන විට ඇදිරි නිතිය කඩ කරන ලද පුද්ගලයින් ගණන 10 ක් […]


Oct
5

පවතින කොරෝනා අවදානම නිසා කටුනායක ගුවන්තොටුපොළට සීමා

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇතිව තිබෙන කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද මේ වන විට සීමාවකට යටත් කර තිබෙනවා. මේ අනුව ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම ද තාවකාලිකව නවතා තිබෙන අතර මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් […]


Oct
5

ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති කියයි

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා අසාදිත කාන්තාව ඇසුරු කල සමිපතමයින්ගේ ඊයේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරන අතර මේ අනුව කොරෝනා ආසාදිත කාන්තාවගේ වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට මේ තුලින් හැකි වන බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙම කර්මාන්ත ශාලවේ සේවය […]


Oct
5

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර උතුරු, උතුරු මැද, වයඹ සහ පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැ.කි.මී 40 ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.


Oct
4

තවත් කොවිඩ් ආසාදිතයින් 4ක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාදිතව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3258 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.


Oct
4

කැලණිය විශ්වවිද්‍යාලය හෙට සිට වැසේ

Generic placeholder image

කැලණිය සරසවිය හෙට(05) සිට වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්සම සදහන් කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post