News Line| Off Air
Generic placeholder image

Oct
5

ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති කියයි

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා අසාදිත කාන්තාව ඇසුරු කල සමිපතමයින්ගේ ඊයේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරන අතර මේ අනුව කොරෝනා ආසාදිත කාන්තාවගේ වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට මේ තුලින් හැකි වන බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙම කර්මාන්ත ශාලවේ සේවය […]


Oct
5

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර උතුරු, උතුරු මැද, වයඹ සහ පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැ.කි.මී 40 ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.


Oct
4

තවත් කොවිඩ් ආසාදිතයින් 4ක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාදිතව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3258 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.


Oct
4

කැලණිය විශ්වවිද්‍යාලය හෙට සිට වැසේ

Generic placeholder image

කැලණිය සරසවිය හෙට(05) සිට වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්සම සදහන් කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.


Oct
4

මීගමුව සහ මහර බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

අද(04) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම නවතා දමා තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කළේය.


Oct
4

දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට සිට ආරම්භ වෙයි

Generic placeholder image

හෙට(05) සිට දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


Oct
4

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කත ඇසුරු කළ 400ක් හඳුනාගනී

Generic placeholder image

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක් පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේය. අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙයි. මේ අතර වහාම […]


Oct
4

දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි

Generic placeholder image

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, […]


Oct
4

දිවුලපිටියේ කාන්තාවකට කොවිඩ්

Generic placeholder image

දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි. ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී.


Oct
2

18 හැවිරිදි සිසුවෙකු අපයෝජනය කලැයි 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

18 හැවිරිදි සිසුවෙකු අපයෝජනයට ලක් කළ බවට 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ මත්තෙගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඩිපෝ කළමනාකරුවෙක් වන අතර අදාල පුද්ගලයා මෙම සිසුවාව අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව 18 හැවිරිදි සිසුවා විසින් පොලිසියට […]


Oct
2

සුනාමියෙන් අතුරුදන් වූ පුතාට හිමිකම් කියන්න මව්වරු දෙදෙනෙක් ඉදිරිපත් වෙයි

Generic placeholder image

පසුගියදා 2004 සුනාමිය නිසා අතුරුදන් වූ 21ක් හැවිරිදි අක්‍රම් රිස්කාන් සිය මව සොයා ආ පුවතක් මාධ්‍ය තුල වාර්තා වුන අතර සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා නමැති කාන්තාව සදහන් කලේ සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම පුතා තමා සොයාගෙන පැමිණි බවයි. මේ පුවත මාධ්‍ය තුල වාර්තා වීමත් සමග එම පුත්‍රයාට හිමිකම් කියන්න තවත් මවක් ඉදිරිපත්ව සිටින […]


Oct
2

ඩයගම දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පාසැල් ළමුන් ඇතුළු 48ක් රෝහලේ

Generic placeholder image

හැටන් – ඩයගම මාර්ගයේ දී බස් රථයක් අඩි 25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් පාසල් ළමුන් 30 දෙනකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post