මෙවර ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වෙනවා. විභාග අපේක්ෂකයින් 331,694ක් මෙවර විභාගය සඳහා පෙනී සිටිනවා. පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙන අතරවිභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ බව විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – […]
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී. තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ මේජර්වරයෙකු […]
අද (10) දිනයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව අද රාත්‍රි 10 සිට පසුදින උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා. ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 […]
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. මෙම රෝහලේ බිළිඳියකට කොරෝනා ආසාදනය වී තිබෙන බව දැනගත් පසු රෝහල් කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක්කළ අතර එහිදී මෙම සාත්තු සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඊයේ(09) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 4523 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 3296 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවදුරටත් නේවාසිකව 1214 දෙනෙකු ප්‍රතිකාර […]
සැලසුම් කර තිබු පරිදි මෙවර ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින තත්වය හමුවේ කොරෝනා ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සිසුන් 05ක් ද හෙට ශිෂ්‍යත්ව විභාගය IDH රෝහලේදී ලිවීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තුමේන්තුව විසින් ලබා දී තිබෙනවා. මේ අතර නිරෝධායන තුල සිටින මෙවර ශිෂ්‍යත්ව විභගය ලියන සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති […]
මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව කරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු මෙලෙස මෙම රෝහලට පැමිණ තිබෙන අතර 56 හැවිරිදි මෙම පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පැවසෙන්නේ.
හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක්ද ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදනය වූ හෙදියන් දෙදෙනාගේ එක් හෙදියකුගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙන බවද සදහන්.
කටුනායක ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඇයට සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මේ අනුව මෙම කර්මාන්ත ශාලවේ අනෙකුත් සේවක සේවිකාවන් හටද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
ඉකුත් දා පොලිසිය දුන් නියෝග අනුව කටයුතු නොකළ පුද්ගලයින්ට හා ඔවුන් සගවා ගෙන සිටි පිරිසටද එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ. මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් හට ඉදිරිපත් වන ලෙසට පොලිසිය විසින් දී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. . මේ අනුව එම දරුවා ද වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
ගම්පහ ප්‍රදේශයේ ඇතැම් තැන් වලට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් 91 දෙනකු මේ වන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මීට අදාල රථ වාහන 23 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.