News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

වෙළෙදපොලේ වාහන හිගයක් ? වැඩි මුදලට වාහන මිලදී ගන්නා පිරිස වැඩි වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති පසුබිමක මෙරට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් ගත වනවා. මේ හේතුවෙන් වෙළෙඳ පොළේ ඇති වාහන ක්‍රමයෙන් අවසන් වන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ. කෙසේ වෙතත් වාහන ආනයනය සිමා කර තිබුනද එය තාවකාලික බවද ප්‍රකාශ කරන ඒ මහතා වැඩි මිල වහනමිල […]


Sep
18

මත්තලින් රට යනවනන් ටිකට්පතට වට්ටම්

Generic placeholder image

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් හට ගුවන් ටිකට්පත සඳහා වට්ටමක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මේ අනුව සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත වන පුද්ගලයින් හටද මෙම සහනය ලබා දීමට හැකි බවද සාකච්ඡා කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
18

රාජපක්ෂ පවුලේ පිරිස අලුත් අමුත්තා සමග ගත් ජායා රූප පෙළක් අන්තර්ජාලයට

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් වන නාමල් රාජපක්ෂ හා ලිමිනි රාජපක්ෂ දෙපලට ලැබුණු කුළුදුල් බිළින්දා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස ගත් ජායා රූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.


Sep
18

කාන්තා දුෂකයින්ට එරෙහිව නයිජීරියාව නීති තද කරයි

Generic placeholder image

ලෝකයේ මේ වන විට සෑම රටකම පාහේ තිබෙන සමාජීය අර්බුදයක් බවට පත්ව ඇති දෙයක් කාන්තා දුෂකයින් යෑම. කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජීරියාව නීති තද කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එරට දිනෙන් දින ඉහල යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතා හේතු කොටගෙනයි. නව නීති අනුව කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රය කපා […]


Sep
18

ගෝල්ෆේස් සිට බත්තරමුල්ලට පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට සැලසුම්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.


Sep
18

සදුදා බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණයක් ?

Generic placeholder image

පවතින බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වලට වැඩි ඉඩක් ලබා දීම හේතු කොටගෙන කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවලට බස් රියැදුරන් එළැඹෙන සඳුදා ධාවනයෙන් ඉවත් වන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ. මේ තත්වය මේ දිනවල බස් රථවල සිය සේවා ස්ථාන වෙත ගමන් කරන මගින් දැඩි අපහසුතාවයට පත්ව […]


Sep
18

මහනුවර 12 හැවිරිදි සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන ලද මවා පෑමක් බව හෙළිවෙයි

Generic placeholder image

ඉකුත්දා මහනුවර 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිලිබදව වාර්තා වූ අතර සිද්ධිය පිලිබදව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි. එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ නමුත් අදාල දැරිය […]


Sep
18

ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අගමැති

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයට යෙදුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය දිනයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කල අගමැති එහි ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වෙන ආකාරය දක්නට ලැබුණා.


Sep
18

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට මාර්ගයේ වැඩි ඉඩක්

Generic placeholder image

ඉකුත්දා සිට ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතිය තුල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා සහනයක් ලබා දීමට රථ වාහන පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ දිනයේදී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම නිසා එම මංතීරුවේ තදබදයක් පැවැති බව නිරීක්ෂණය වීම නිසයි.


Sep
18

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් බොහෝ දුරට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ […]


Sep
17

උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200 ක් පැනයයි

Generic placeholder image

ඊශාන දින උගන්ඩාවේ මොරෝටෝ කන්ද පා මුල පිහිටි බන්ධනාගාරයකින් සිරකරුවන් 200 දෙනෙකු පැනගොස් ඇත. පැනගිය සිරකරුවන් විසින් ගිනිඅවි සහ උණ්ඩ ද පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර සිදුකළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.


Sep
17

ඉන්දියාව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට

Generic placeholder image

කොරෝනා වෛරස උච්ජතම අවස්ථාවට මේ වන විට අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් ආසාදිතයින් 97,894ක් වාර්තා වු බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මෙම ගණන ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා අතර සිටින ඇමෙරිකාවද අභිබවා යමින් වාර්තා වන අවස්ථාවක් ලෙසයි පැවසෙන්නේ. ඉන්දියාවේ වාර්තා වී ඇති සමස්ත […]


News Articles
Latest Videos
Most Popular Post