ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විටත් ගිනි ගැනීමට ලක් වන බවයි වාර්තා වෙනවා. මේ අනුව යම් හෙයකින් මෙම නෞකාවේ ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් තිබෙන බවයි පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරන්නේ. එපමණක් නොව මෙම නෞකාවේ ගබඩා […]
දිවයින පුරා අදත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසිබර කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. .
මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න”මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී
ජනතා අවශ්‍යතා වලට මුල් තැන ලබා දීම වෙනුවෙන් දිනයක සෑම විටම ජනතා වගකීම් සපුරාලීම සදහා මහත් කැපවීමෙන් කටයුතු කිරීම නිසා පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා. මෙලෙස ත්‍යාග ප්‍රධාන , විවාහ මංගල්‍ය , සාද වැනි උත්සව සදහා මෙලෙස ජනපති සහභගි වීම අපේක්ෂා නොකරන බවයි එම මාධ්‍ය අංශය වැඩි දුරටත් […]
කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම පිලිබදව නාරා ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගැඹුරු මුහුදේ ජල සාම්පල හා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලින් සහ බෝටුවල ගෑවී ඇති නානුමය ගතියක් ඇති එම ද්‍රවයන් ද එම ප්‍රදේශ වල දී අල්ලාගත් මසුන් ගේ කරමල්ද මෙලෙස පරීක්ෂණ කටයුතු සදහා යොදවා […]
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද සහ හෙට දිනයන්හි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවනු ලබන බවයි. මෙලෙස ජලය අත් හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ කොළඹ 12 , 13 , 14 15 යන ප්‍රදේශයි.
තරුණියකගේ මුඛයෙන් අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙන පුවතක් රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයකදී නිදාගෙන සිටි තරුණියක් අවදි වීමෙන් පසු ශරීරයේ ඇති අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඇයට ශල්‍යකර්මයක් සිදු කොට තිබෙනවා. මෙහිදී ඇයගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා […]
මහනුවර ඇතුළු හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ ගණනවක් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබෙන බව වෙනවා. ඒ අද උදෑසන 7.06 ට පමණයි.මේ පිලිබදව අදහස් දක්වන භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සදහන් කරන්නේ මෙම කම්පන තත්වය පිලිබදව පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බවයි. එමෙන්ම ඉකුත් 28 වනදා ද තත්වයක් ඇති වුණු බව එම කාර්යාංශය සදහන් කළා. […]
ලෝකයේ බොහෝ දෙනා අද වන විට මානසික රෝග වලට ගොදුරු වී ඇති බවක් පෙන්නනවා. මිට බොහෝ විට මේ තියෙන සාමජිය වටපිටාවන් සාධක වන අතර අප කොහොමද ඇත්තටම මෙලෙස ඇති වී තිබෙන මානසික රෝග වලින් මිදෙන්නේ කියලා ඇතැමුන් සිතන්න උත්සහ කරනවා. මේ මානසික රෝග අතර බහුලම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ විෂාදය යි. මෙය මාරාන්තික රෝගයක් බවද […]
නායයාමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබෙනවා. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදාළව එම අනතුරු ඇඟවීමේ නිවේදන මෙලෙස නිකුත්කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්වීමේ නිවේදනයක් නිකුත් […]
පිය පදවියට සැරසෙන නාමල් රාජපක්ෂගේ ඉපදෙන්නට ඉන්න පුතු පැටියා වෙනුවෙන් රාජපක්ෂ පවුලේ හැමෝම එකතුවෙලා සමරපු බේබි ශවර් පාටියේ ජායා රූප මෙන්න..