News Line| Off Air
Generic placeholder image

Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 27682 සමගි ජන බලවේගය – 5144 ජාතික ජන බලවේගය – 3135 එක්සත් ජාතික පක්ෂය – 1507 අපේ ජන බල පක්ෂය – 243 පෙරටුගාමී සමාජවාදී පක්ෂය – 120


Aug
6

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම ගස් වඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව වාර්තා වෙනවා.


Aug
6

ජන්ද ගණන් කිරීම් කටයුතු ඇරඹේ – පළමු ප්‍රථිපලය සවස 2 න් පසු

Generic placeholder image

මෙවර මහ මැතිවරණයේ ජන්ද ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව පළමුව තැපැල් ජන්ද ගණනය කිරීම් සිදු කරන බවත් අද දවල් 2.00 පමණ වන විට පළමු ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.


Aug
6

අයහපත් කාලගුණයෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිය බිඳවැටීම්

Generic placeholder image

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලි සැපයුම බිද වැටි තිබෙන බව වාර්තා වෙනවා.


Aug
6

ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

Generic placeholder image

2020 මහ මැතිවරණයේ ප්‍රථිපල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ජන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සුදානමින් පවතින අතර මේ සදහා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන බව පොලීසිය සදහන් කරනවා. මේ අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 3,328 ක් යොදවා ඇති බව වැඩි දුරටත් සදහන්.


Aug
6

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක වැඩිවීමක් අද (06) දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්..


Aug
5

ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ජන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතිකයි – මැතිවරණ කොමිසම

Generic placeholder image

මෙවර මහ මැතිවරණයේ ජන්ද විමසීම අවසන් වුණ මොහොතේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අදාල ජන්ද ප්‍රදේශයන් සදහා නියෝජිතයින් දෙදෙනෙකු හට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රැදි සිටීමට අවසර දෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.


Aug
5

ඡන්ද විමසීම අවසන්

Generic placeholder image

මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. මේ අනුව අද ජන්ද මධ්‍යස්ථාන 12,985 කදී මෙවර මහ මැතිවරණයේ ජන්ද විමසීම පැවැති අතර ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ කොමිසම සදහන් කළා.


Aug
5

මහ මැතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයින් 2200ක්

Generic placeholder image

මේ වන විට ආරම්භ වී ඇති මහ මැතිවරණය නිරීක්ෂණයට අදාලව කැෆේ සංවිධානය විසින් දිවයින පුරා නිරීක්ෂකයින් 2200කට අධික පිරිසක් යොදවා තිබෙන බව එම සංවිධානයේ විධයක අධ්‍යක්ෂ මනාස් මකින් මහතා සදහන් කළා. කැෆේ සංවිධානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 1635ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා 222ක් ද මැතිවරණ නීති කඩ කිරීම් 603 ක් ද වාර්තා වී තිබෙන බවයි […]


Aug
5

ලෙබනනයේ පිපිරීම් තුලින් සිදු වූ හානිය නිසා බේරූට් ආපදා නගරයක් ලෙස නම් කරයි

Generic placeholder image

ලෙබනනයේ, බේරූට් අගනුවර ඊයේ සිදු වූ පිපිරීම් මාලාවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට මධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම 4000 අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර මෙම පිපිරීම් මාලාව අගනුවර පිහිටි වරාය ආසන්නයේ ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ බවයි වාර්තා වන්නේ, මේ වන විටත් එරට ආරක්ෂක අංශ සුන්බුන් වල […]


Aug
5

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් […]


News Articles
Latest Videos
Most Popular Post