අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බව ඔහු පවසනවා.
මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය […]
ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(20) දිනයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියා. මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී ඇති අතර වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බව මෙහිදී අදහස් දක්වමින් […]
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මුහුදට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකඩේ සහ පුත්තලම් වෙරළට ඔබ්බෙන් ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අද පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළා.
කොරෝනා මර්දනය කිරීම සදහා රජයෙන් උපදෙස් මාලවක් ලබා දී තිබෙනවා.ඒ අනුව තවද ජනතාව අතර මීටරයක දුරස්ථභාවයක් පැවැතිය යුතු අතර දුම්රිය හා බස් රථවලත් මගීන් ඒම දුරස්ථභාවය අනුගමනය කළ යුතු බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් නිසි පරිදි රටපුරා බෙදා හරින බවත් මෙම උපදෙස් තවදුරටත් දීර්ඝ කිරිම පිළිබද ලබන ඉරිදා නිවේදනය කරන බව රජය විසින් දන්වා තිබෙනවා.
රට තුල පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00 දක්වා නවතා දැමීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවල දී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා […]
දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය සදහන් කරනවා. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් නැවත දනුම් දෙන තුරු සිකුරාදා යාඥාව සහ දිනපතා සිදු කරනු ලබන පස්වේල් යාඥාවන්ද නැවැත්වීමට පියවර ඒ අනුව තීරණය කර තිබෙනවා.
අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි. අද පස්වරු 6.00 සිට ලබන 23 වැනි සඳුදා පෙරවරු 6.00 දක්වා […]