කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ. ජනතාව ගැවසෙන ස්ථානවල දී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා […]
දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය සදහන් කරනවා. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් නැවත දනුම් දෙන තුරු සිකුරාදා යාඥාව සහ දිනපතා සිදු කරනු ලබන පස්වේල් යාඥාවන්ද නැවැත්වීමට පියවර ඒ අනුව තීරණය කර තිබෙනවා.
අද (20) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මූලස්ථානය පවසන්නේ ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ සියලුම පුද්ගලයින් සිය වාසස්ථානවල රැදී සිටිය යුතු අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමි වන බවයි. අද පස්වරු 6.00 සිට ලබන 23 වැනි සඳුදා පෙරවරු 6.00 දක්වා […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ජනතාව මිලියන ගණනාවක් තම නිවෙස් තුලට සිර වී සිටීමට සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකව තුලද මේ වනවිට ඒ සදහා අවශ්‍ය ක්‍රියමාර්ග ගනිමින් පවතින අතර ලංකාව තුලද මේ වන විට බොහෝ පිරිසක් සිය නිවෙස් තුලට කොටු වී සිටිනවා. එමෙන්ම ලොව පුරා රවටල් වල ජනතාවට මෙම වෛරසය පාලනය […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට ප්‍රධාන කාරණයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරන්නේ දුම්පානය ඊට ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් සදහන් කලේ , දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් , දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත්ය. මේ […]
පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට තාවකාලිකව ඉවත් කරන ලද පොලිස් ඇඳිරි නීතිය දවහල් 12.00 ට ක්‍රියාත්මක කෙරෙන නව පොලිසිය සදහන් කරනවා.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සැලකිල්ලට ගෙන අදාල කාලසීමාවේදී විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඒ පොලීසිය ඇතුළු අදාළ පාර්ශ්වවලින්. වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ මොහොතේ වැඩි අවධානයක් දිය යුත්තේ පෞද්ගලික කාරණාවලටද පොදු අරමුණක් වෙනුවෙන් ද එක්ව තීරණයක් ගත […]
පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
පවතින තත්වය හමුවේ අද පස්වරු 06.00 සිට සදුදා පෙරවරු 06.00 දක්වා ඇදිරි නිතිය පැනවීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා අද සිට වැලිකන්ද හා මුල්ලේරියාව රෝහල් යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ , මේ වන විට වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමට පහසුකම් සලසා ඇති බවත් අද සිට ඊට රෝගීන් ඇතුළත් කර ගන්නා බවත්ය. ඒ […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව චීනයේ මියගිය සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ පමණක් ඉතාලියෙන් කොරොනා මරණ 427 ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තාවූ කොරොනා මරණ සංඛ්‍යාවත් සමග මුළු ගණන 3405 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයෙන් අද දිනය වන විය වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව […]