News Line| Off Air
Generic placeholder image

Mar
22

ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 800ක් වාර්තා ‌වෙයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව වි‌දෙස් වාර්තා සඳහන් කරනවා.


Mar
22

කාෙරෝනා රෝගීන් දෙදෙනෙකු දැඩ් සත්කාර ඒකකයේ

Generic placeholder image

මේ වන විට මෙරට කොරෝනා රෝගීන් 77ක් වාර්තා වන අතර ඉන් කිසිවකු මේ වන විටත් සුව වි පිටව ගොස් නොමැති බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත පවසන අතර . තවද ඉන් දෙදෙනෙකු දැඩ් සත්කාාර ඒකකය තුල ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසුවා.


Mar
22

අනුරාධපුර බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් රැඳවියෙක් මියයයි

Generic placeholder image

අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය සදහන් කළා. ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යෑමට උත්සහ […]


Mar
21

අවිගන් නිසා කොරෝනාවෙන් ලෝකයම ගොඩයන ලකුණු

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ඉන්දුනීසියාව සිය […]


Mar
21

( Update ) අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ වෙඩ් තැබිමකින් අයෙක් මරුට

Generic placeholder image

අද සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර එහිදී සිදුවු වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සදහන් කළා,. කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු ඉකුත්දා බන්ධනාගාරයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. එම සිද්ධියත් සමග මෙලෙස බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට […]


Mar
21

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද(21) දිනයේ නව ආසාදිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි.


Mar
21

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ති‍්‍රක්ක වලට ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

Generic placeholder image

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක වලට කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය ලබන අගහරුවාදා දක්වා දීර්ඝ කර තිබෙනවා. එදිනම පස්වරු 02 ට යළිත් එම දිස්ති‍්‍රක්ක වලට නැවත ඇදිරි නීතිය පනවන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. අනෙක් දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය සදුදා උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 02 සිට යළි කි‍්‍රයාත්මක වනවා. […]


Mar
21

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 100 කට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 100 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා.


Mar
21

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 76 දක්වා ඉහළ යයි

Generic placeholder image

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.


Mar
21

නව කොරෝනා රටවල් 185 ක් බිළිගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී […]


Mar
21

දිවයින පුරා ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 දෙනෙකු මේ වන විට දිවයින පුරා විවිධ ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අදාල මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළා.


Mar
21

විදේශිකයන්ට මෙරටින් පිටවීමට පොලිසියෙන් උපකාර

Generic placeholder image

මෙර‍ටින් පිටවීම සඳහා ගුවන් තොටුපල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටින විදේශිකයන් වහාම තමන්ට ළඟම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post