පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ජනතාවට තොරතුරු බෙදාහැරිම සඳහා සම්බන්ධතා පැවැත්වීමේදී ඒ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑම සදහා ජනාධිපති […]
රට වෙනුවෙන් අපි මේ ජාතික යුතුකම ඉටුකළ යුතුමයි – කුමාර් සංගක්කාර නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට […]
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබනවා. මෙම නියෝගයන්/උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක […]
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එමෙන්ම ත්‍රීවීල් රථ සහ යුතුරු පැදි ඇතුළුව රථ වාහන 156ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ උතරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 අගහරුවදා උදැසන 06.00 දක්වා දිගු කරන බවයි. ඒ අනුව මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.
කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්
රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් […]
ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.