කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්
රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් […]
ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.
නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188 ක ව්‍යාප්ත වී තිබෙනවා.
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති […]
මෙරටින් මේ වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 ක් වන අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 245 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර තිබෙන බවත් කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට නේවිල් ප්‍රනාන්දු රෝහල, […]
මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව […]
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තුළ නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ මෙරට පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිපල නිකුත් කිරමට අදාල කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසාවෙන් බව විභාග කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් සදහන් කළා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම්දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් […]
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් බහුතරයක් මහාමාර්ගයේ නිකරුනේ ගමන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි. මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර පොලිසිය පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.