News Line| Off Air
Generic placeholder image

Mar
23

මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 86ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


Mar
23

කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට ඇදිරි නීතිය තව දුරටත්

Generic placeholder image

පසුගිය සිකුරාදා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබු අතර කොළඹ-ගම්පහ-පුත්තලම-උතුර ප්‍රදේශ වලට හැර දිවයිනේ අන් දිස්ත්‍රික්ක වලට පනවා තිබු පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 6.00 ට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රදේශ වලටද අද පස්වරු 2.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා නැවත ඇදිරි නීතිය පනවන බවයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත […]


Mar
22

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

Generic placeholder image

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා හෙට (23) දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන […]


Mar
22

එමිරේට්ස් සියලු ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

එමිරේට්ස් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය මේ බව සදහන් කළා.


Mar
22

පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක්

Generic placeholder image

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින් සඳහා බිල්පත් ගෙවීමේ දී සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ටෙලිකොම් දුරකථන, ජංගම දුරකථන හා සෘජු දුරකථන මෙන්ම කේබල් ටී.වී. සේවා සපයන්නන් උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ජනතාවට තොරතුරු බෙදාහැරිම සඳහා සම්බන්ධතා පැවැත්වීමේදී ඒ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑම සදහා ජනාධිපති […]


Mar
22

කුමාර් සංගක්කාරත් ස්වයං නිරෝධායනයට යොමු වෙයි

Generic placeholder image

රට වෙනුවෙන් අපි මේ ජාතික යුතුකම ඉටුකළ යුතුමයි – කුමාර් සංගක්කාර නිරෝධායනයට බිය නොවන ලෙසත් රට මුහුණදී සිටින අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙය ජාතික යුතුකමක්, සමාජ වගකීමක් සේ සළකා කටයුතු කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. පසුගිය සතියේ එංගලන්තයේ සංචාරයක නිරතව දිවයිනට යළි පැමිණි බැවින්, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයකට […]


Mar
22

දිවයිනේ සියලුම සිල්ලර ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

Generic placeholder image

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබනවා. මෙම නියෝගයන්/උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක […]


Mar
22

පවතින ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 790ක් අල්ලයි

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එමෙන්ම ත්‍රීවීල් රථ සහ යුතුරු පැදි ඇතුළුව රථ වාහන 156ක්ද පොලිස් භාරයට ගෙන ඇත.


Mar
22

කොරෝනා ආසාධිතයින් 81 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

( update )උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 දක්වා දිගු කෙරේ

Generic placeholder image

ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ උතරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 අගහරුවදා උදැසන 06.00 දක්වා දිගු කරන බවයි. ඒ අනුව මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ […]


Mar
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 80 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන කාල සීමාවේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

Generic placeholder image

ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post