News Line| Off Air
Generic placeholder image

Mar
6

කොරෝනා වැළැක්වීමේ ගීතයක් වියට්නාම රජය හදුන්වා දෙයි (video)

Generic placeholder image

වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ලෝකයේ බොහෝ රටවල් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන අතර වියට්නාම රජය විසින් ද කොරෝනා පාලනය සඳහා නිතර අත් සේදීම දිරිමත් කිරීමට අදාලව ගීතයක් හදුන්වා දී තිබෙනවා. මෙම ගීතය අන්තර්ජාලයේ අතිශය ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා. දෑත් පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ජනතාවට හුරුකිරීම සදහා වියට්නාම් රජය ගත් උත්සාහයක් ලෙස මෙය […]


Mar
6

පැරමැටා හෙට දිවයිනට

Generic placeholder image

ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම නෞකාව දිවයිනට පැමිණෙන බව නාවික හමුදාව පැවසුවා. නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත එම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව හෙට සිට ලබන 11 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි. […]


Mar
6

ඉතාලියේ කොරෝනා ආසාදිත ශී‍්‍ර ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය යහපත් අතට

Generic placeholder image

ඉතාලියෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය අසාදිත ලාංකික කාන්තාවගේ සෞඛ්‍ය තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වෙනවා. මිලානෝහි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ ඉතාලියේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙන් සුළු පිරිසක් යළි ශී‍්‍ර ලංකාවට පැමිණීමේ තත්වයක් ද දක්නට ඇති බවයි.


Mar
6

CID නිළධාරීන් බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගැනීමට තැත් කළ 04 ක් අත්අඩංගුවට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බව හගවා කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කල සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදු කල විමර්ශනයකදීයි. සැකකරුවන් යක්කල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට පවසා තිබෙනවා. ඇයට දැනුම් දී ඇත්තේ ඉන් බේරා ගැනීම සදහා රුපිියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය […]


Mar
6

මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9 ක් ඇප තැන්පත් කරයි

Generic placeholder image

පැවැත්විීමට නියමිත මහමැතිවරණයට අදාලව ස්වාධීන කණ්ඩායම් 9ක් මේ වන විට ඇප තැන්පත් කර තිබෙනවා. වන්නි මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෛක්, යාපනය මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක්, කලුතර මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් සහ මඩකලපුව මැතිවරණ කොට්ඨාශයෙන් අපේක්ෂකයෙක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. 2020 මහමැතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම පසුගිය 03 වනදා ආරම්භ […]


Mar
6

නිරෝධායනය ක්‍රියාවලියට හැඳල ප්‍රදේශයේ ජනයාගෙන් තවදුරටත් විරෝධය

Generic placeholder image

ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් අද තුන්වන දිනටත් මට්ටක්කුළිය – හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණක නිරත වෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු සංචාරකයින් දින 14 ක නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් […]


Mar
6

අපිරිසිදු ලෙස පවත්වාගෙන යන ආපනශාලා වලට වැඩ වරදී

Generic placeholder image

ආපන ශාලා වලින් තේ පානය කිරීමේදී භාවිතා කරන තේ කොළ පිලිබද සැකයක් පවතීනම් පාරිභෝගිකයාට ඒ පිලිබද විමසීමක් කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ කොටුව වැඩබලන ප‍්‍රධාන ආහාර පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී ලාල් කුමාර මහතා සදහන් කළේ කොළඹදී කසළ තේ තොගයක් පසුගියදා අත්අඩංගුවට ගත් බවයි. පසුගියදා කසළ තේ කිලෝ තුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබුණේ […]


Mar
6

දිනක් තුළ ලොව පුරා රටවල් 10කින් කොරෝනා මරණ 71ක්

Generic placeholder image

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආසාදනයවීම හේතුවෙන් ගත වු පැය 24 තුළ සිදුවූ රටවල් 10 කින් පුද්ගල මරණ 71 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වැඩි මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 41 ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම බි‍්‍රතාන්‍යයෙන් හා ස්විට්සර්ලන්තය ඉරාකයෙන්, අමෙරිකාවෙන් සහ ස්පාඤ්ඤයෙන්ද කොරෝන වාර්තා වී තිබෙනවා. […]


Mar
6

රවී ඇතුලු 12 දෙනාගේ වරෙන්තුව ගැන තීන්දුව පස්වරුවේ

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ලබා දීමට නියමිතයි. අදාළ දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් පනවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඇතුලූ කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය […]


Mar
6

කොරෝනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන […]


Mar
6

සියත ගොඩයන ලක්ෂය අද නුගේගොඩට

Generic placeholder image

සියත ගොඩයන ලක්ෂය වැඩසටහන අද පැවැත්වෙන්නේ නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටයි. අද දින ලක්ෂයේ හිමිකරුවා ඔබ විය හැකියි.අද සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට පැමිණ ලක්ෂයේ හිමිකරුවා බවට පත්වන්න. පසුගිය සිකුරාදා සියත ගොඩයන ලක්ෂය වැඩසටහන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ලක්ෂයේ හිමිකරු බවට පත්වීමට කඩුවෙල සුනිල් ට හැකිවුණා.


Mar
6

පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට නව ජාතික ප්‍රතිපත්තියක්

Generic placeholder image

පෙර පාසල් අධ්‍යාපනය ප්‍රිතිගත කිරීමේ අරමුණෙන් ඒ සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කලා. පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් එම ප්‍රතිපත්ති […]


News Articles
Latest Videos
Most Popular Post