මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වී තිබෙනවා. ඒ කොම්ෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. විදෙස්ගතව සිට දිවයිනට පැමිණි කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතාද එම රැස්වීමට සහභාගී වු බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සදහන් කළේ. එහිදී මහ මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ගේ සාකච්ඡාවක් […]
හොංකොං රාජ්‍යයේ පළමු වරට සුනඛයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. මිනිසෙකුගෙන් සත්ත්වයෙකුට මෙලෙස වෛරසය වැළදී ඇති පළමු අවස්ථාව මෙය බවද වාර්තා […]
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා. ඇය මේ වන විටත් ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති අතර මරණ 107ක් වාර්තා වී තිබෙනවා. […]
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලොවපුරා මිලියන 290ක ළමුන්ට පාසැල් යාමට අවස්ථාව අහිමි වී තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය, හොංකොං, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය ඇතුළු ලොව රටවල් 13ක පාසැල් වසා දැමීමට එම රටවල් තීරණය කරනු ලැබුවා. මේ හේතුවෙන් මිලියන 290.5ක ළමුන් පිරිසකට පාසැල් අධ්‍යාපනය තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්ත පවසනවා. මේ වන විට […]
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කෙරෙනවා. ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි. මේ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර එම […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ළූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ළූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබෙනවා. ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති […]
දිවයින පුරා ළමුන් 20, 000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබෙනවා. ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නමැති කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දක්. දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මානශිලිත්වය යොදා ගනිමින් කතන්දර […]
හෙට දිනයේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළා. අසනීප නිවාඩු වාර්තා කර සිය සාමාජිකයන් හෙට දිනයේ එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බව එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා. දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයක් මුල් කර ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ […]
රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් […]
වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව ඇති බව සදහන්. ඔවුන් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා […]
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙනවා. මහලේකම්වරයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා. 2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය […]
සියත ගොඩයන ලක්ෂය වැඩ සටහන පසුගිය සිකුරාදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තවත් ලක්ෂපතියෙක් බිහිකළ අතර මේ සිකුරාදා ගොඩයන ලක්ෂයේ හිමිකරුවා කවුද? ඔබත් පැමිණෙන්න මේ සිකුරාදා සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට.