බ්‍රිතාන්‍යයේ විලියම් සහ කේට් රාජකීය යුවල අයර්ලන්තයේ සංචාරයක් සදහා එක්ව සිටිනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව රාජකීයයන් අයර්ලන්තයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බව සදහන්. එමෙන්ම යුවළ ඩබ්ලින් අගනුවර පිහිටි සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති, ගිනස් නම් ප්‍රකට ස්කාගාරයේ සංචාරයක් සදහා ද එක්ව තිබෙනවා. රාජකීයයන් එක්වූ මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති රොබින් […]
බැඳුම්කර වංචාවට අදාලව රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා(06) ලබාදීමට නියමිත බව සදහන්.
ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ පමණක් මේ වන විට වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටම […]
රුපියල් දෙකෝටි 44 ලක්ෂ 89,480ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත දංඕවිට සහ රාගම ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන්. ඔවුන් මෙම රත්‍රං තොගය ගුවන් තොටුපලේ නීතිවිරෝධී අයුරින් පිට […]
හැඳල ලාදුරු රෝහල මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසය පිළිබඳව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින […]
එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අද ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි. මීට අමතරව නාම යෝජනා පත්‍රයකට ඇතුළත්විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල පිළිබඳවත් එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට […]
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වු රිය අනතුරු සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත්කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කරන ලද නියෝගයකට අනුවයි. මෙම නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා […]
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මෙම මස 06 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2019 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අදාළ අයදුම්පත් යොමුකල යුතු බවත් නාම ලේඛනය මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කර ඇති බවත් සදහන්. එමෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාල තුළද ඡන්දහිමි නාම ලේඛනය තිබෙන බව එම කොමිෂම […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත්ව සිටින චීනයේ ජනතාව වෙනුවෙන්, එරට ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය තනි නොකරන බවට පවසමින් පසුගියදා විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු චීනයට චිත්‍ර යොමුකර තිබුණා. දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං රංගන දායකත්වය ලබාදෙන චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙනවා. ෆ්‍රේන්ඩ්ශිප්’ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකුම සිය දායකත්වය ලබාදී තිබෙනවා. දකුණු ඉන්දීය සුපිරි නළු අර්ජුන්ද මෙම චිත්‍රපටය සඳහා එක්ව සිටින […]
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මාස 7 ක් වයැසති එම බිළිඳා සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ දිනයේ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසුවා. මෙම බිළිදා සිය පවුලේ සාමාජිකයින් සමඟ පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට […]