News Line| Off Air
Generic placeholder image

Feb
18

වුහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයාවත් කොරෝනා බිලිගනී

Generic placeholder image

කොරෝනා අසාධිතයින් සිටින වුහාන් වල පිහිටි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂවරයාත් මෙම වෛරසය අසාධනය වීමෙන් මියගිය බව විදෙස් වාර්තා සදහන් කරනවා. චීනයේ රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් වුහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක වන ලියු ෂිමින් මහතා අද උදැසන මියගිය බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රධාන නිලතල දරමින් සිටි පිරිස අතරින්දෙවන වෛද්‍යවරයායි. මේ […]


Feb
18

කොවිඩ් සුවකළ හැකි එන්නතක් සොයා ගැනීමට පර්යේෂකයින් සමත් වෙයි

Generic placeholder image

කෝවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක් සොයාගැනීමට ඉන්දීය සහ අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. එම පර්යේෂකයින් සඳහන් කළේ, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත, තවත් මාස හයකට පසු මනුෂ්‍යයන් යොදා පරීක්ෂාවට භාජනය කළ හැකි බවයි. මේ වනවිට කොරෝනා වෛරසය සුවකළ හැකි එනනතක් සොයා ලොව පුරා පරීක්ෂණ ඇරඹී ඇති නමුත් එස් අයි අයි […]


Feb
18

ජපානයේ සංචාරයකට ජනපතිට ආරාධනාවක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ජපානයේ ටෝකියෝහි මැයි මස 28 සහ 29 පැවැත්වෙන ආසියාවේ අනාගතය නමැති ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. අදාළ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා […]


Feb
18

මහින්ද – මෛත්‍රී විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

Generic placeholder image

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. මේ අතර අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා සඳහන් කළ අතර […]


Feb
18

නව පක්ෂ 125ක් ලියාපදිංචියට අයදුම්පත් භාර දෙයි

Generic placeholder image

ලියාපදිංචිය සඳහා නව දේශපාලන පක්ෂ 125ක් මෙවර මැතිවරණ කොමිෂන් සභාව වෙත අයදුම්පත්‍ර භාර දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරු 4.00ට අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය අවසන් වූ බවයි. නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම පසුගිය ජනවාරි මස 17 වන දින ආරම්භ වුණ අතර ඒ අනුව ලැබී ඇති අයදුම්පත්‍ර මුලික […]


Feb
18

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40000ක් සිටින බව GMOA අනතුරු අගවයි

Generic placeholder image

රට පුරා වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෛද්‍යවරුන් 40 000 ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ වන විට එම පිරිසගෙන් ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් 10 000 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව පැවසෙන අතර එම ව්‍යාජ වෛද්‍යවරුන් සමාජයෙන් නැති කිරීමට පවතින නීති ශක්තිමත් කරන බව ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි […]


Feb
18

රඹුක්කන – කෑගල්ල ප‍්‍රධාන මාර්ගය අද සවස් වරුවේ තාවකාලිකව වැසේ

Generic placeholder image

කොළඹ – බදුල්ල ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් රඹුක්කන – කෑගල්ල ප‍්‍රධාන මාර්ගය අද පස්වරු 06 සිට හෙට උදැසන 06 දක්වා කාලය තුල තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. මෙලෙස නැවතත් ලබන 20 වෙනිදා මෙම මාර්ගය වසා දැමෙනු ඇති.


Feb
18

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් මෙම සන්ධානය සමන්විත අතර අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ […]


Feb
18

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක් වතුර නෑ

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදැසන 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා.


Feb
18

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Generic placeholder image

ජපානයේ, යොකෝහමා වරායේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින මගීන්ගෙන් මේ වන 99 දෙනකුට කොරෝනා අසාදනය තහවුරු වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම නෞකාවේ සිටින සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 ක් පමණ වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Feb
18

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 ඉක්ම විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Feb
17

ශ්‍රී ලංකා ජපන් තානාපති සහ ජනපති අතර හමුවක්

Generic placeholder image

මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගි වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ශ්‍රී ලංකා ජපාන් තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) ආරාධනා කර තිබෙනවා. මෙම සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වන බව සදහන්. එමෙන්ම ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා […]


News Articles
Latest Videos
Most Popular Post