ආදරවන්තයන්ගේ දිනයේදී පැවති සමූහ විවාහ උත්සවයක් පිළිබඳ පුවතක් පේරු රාජ්‍යයෙන් වාර්තා වුණා. එහිදී යුවළ සියයක් විවාහ දිවියට ඇතුළත්ව තිබෙනවා. සමූහ විවාහ උත්සව පිළිබඳව ලොව බොහෝ රටවලින් නිරන්තයෙන් තොරතුරු වාර්තා වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වුණා. එහි විශේෂත්වය වන්නේ ආදරවන්තයන්ගේ දිනයේදී මේ පිරිස විවාහ දිවියට ඇතුළත්වීමයි. තරුණ හා වයස්ගත යුවළ සියයක් […]
ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළා. මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙත නිවාස ලබාදීම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වසරේ දින 365 ඇතුලත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200 ක් බවත් එම […]
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගය අද පැවැත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282 ක් රැස්කරගත්තා. දෙවනුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 47 කදී කඩුළු 08 ක් දැවී ලකුණු 283 ක් ලබාගෙන තරගය ජයග‍්‍රාහණය කළා. එහිදී උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර ගත් […]
දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අධ්‍යයනය සඳහා පත්කළ විද්වත් කමිටුවේ මුලික වාර්තාව අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මහජනතාවට ප්‍රවේශය දුෂ්කර වන අයුරින් ලොරි චැසි සඳහා බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. එමෙන්ම මින් ඉදිරියට මෙරටට ආනයනය කළ හැක්කේ පහත් පතුල් සහිත බස් රථ පමණක් බව තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා පැවසුවා. දැනටමත් ශ්‍රී ලංකා ගමනාගමන […]
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙම මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුට අදාළ නීතී කෘත්‍ය අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්තාවේදි කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් බව […]
ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එහි නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා මේ බව සදහන් කළා. එමෙන්ම එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වී තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එහි ලේකම්ධූරය හිමිව ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් – රාජ්‍ය අමාත්‍ය දයාසිරි […]
පවතින වියළි කාලගුණික තත්ත්වය මාර්තු සහ අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. විටින් විට වැසි ඇදහැලුන ද, පවතින උණුසුම් කාලගුණය අඩු නොවනු ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා. එමෙන්ම දහවල් කාලයේ දැඩි අව් රශ්මිය නිසා පාසල් යන දූ දරුවන් පමණක් නොව එළිමහනේ වැඩ කරන අයද ඒ ගැන සැලකිලිමත් […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගතවූ පැය 24 තුළ චීනයේ මරණ 105ක් අලුතින් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක් ලෙස වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 71,323 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ(16) දිනයට සාපේක්ෂව ආසාදිතයින් 2048ක වැඩිවීමක් පෙන්නුම් කරන […]
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබෙනවා. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙම ණය ඇපකර ලිපි නැවත නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය වෙනුවෙන් මෙවැනි […]